IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැති නමුත් ඒ සමග තවත් ප්‍රශ්නයක් පැන නගින බව කීය.

ඩයනා ගමගේ මහත්මියට පුරවැසි භාවය නැතැයි කියමින් අදාල තීන්දුව ලබාදී තිබෙන බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රී පිරිසකගේ පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නේ එලෙස පුරවැසිභාවය නැති  ඩයනා ගමගේ බව පැවසීය.

ඒ අනුව සමගි ජන බලවේගය ඇත්තටම නීත්‍යානුකූලව වලංගු දැයි ප්‍රශ්නයක් එන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.



අදහස් (28)

ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?

Lakmal Wednesday, 08 May 2024 03:32 PM

අනේ මේ.. රනිල් රාජපක්ෂලා එක්ක ඉඳලා මෙතැන ඇවිල්ලා ලොරි ටෝක් එපා.. 88-89 කාලේ කරපු දේවල් වලට තවම අද දුක් විඳිනවා. තමුන්ට ඒ වගේ 5-6 ගුණයකින් කළ ගුණ පස්සෙන් එනවා.

:       44       72

ranjith Wednesday, 08 May 2024 03:42 PM

රට බංකොලොත් කරන්න වගකිව යුතු කණ්ඩායම අධිකරණය පෙන්වා දුන්නා නේද?

:       15       74

සුපුන් චාමර Wednesday, 08 May 2024 03:49 PM

අවුලක් නෑ ලොක්කා. ඔයා ඇතුලුව තව බොහෝ දෙනෙක් උපරිම මාස 5ක් ඉඳියි..

:       25       84

sene Wednesday, 08 May 2024 03:52 PM

එතකොට තමා ඉන්න බැසිල්ගේ පොහොට්ටුව ? එයා ඇමරිකන් කාරක්නේ ? මොඩකම ලොකෙට පෙන්නන්න එපා.

:       12       80

Aravinda Wednesday, 08 May 2024 03:53 PM

මැතිවරණ නීතිය අනුව, පක්ෂයක නාමයෝජනා පත්‍රවලට අත්සන් කිරීමට බලය ඇත්තේ, ලේකම්ට පමණයි. පක්ෂයේ නායකයාට, සභාපතිට හෝ උපලේකම්ට හෝ වෙනත් නිළධාරියෙකුට එම බලය නෑ. මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමත් සමගම පිළිගත් පක්ෂවල ලේකම්වරැන්ගේ නම් මැතිවරණ කොමිසම මගින් ප්‍රසිද්ධියට පත්කරනවා. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර සජබ ලේකම්වරයා හැටියට මැතිවරණ කොමිසම පසුගිය මැතිවරණයට පෙර පිළිගෙන අවසන්. සියළු නාමයෝජනා පත්‍රවලට අත්සන්කර ඇත්තේ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින්. කළින් එම පක්ෂයේ තනතුරැ දරා, පසුගිය මැතිවරණයේදී එම පක්ෂය සජිත් ප්‍රේමදාසට බාරකළ පසු සියළු නිළතලවලට සජිත්ගෙ ආධාරකරුවන් පත්කළා. ඒ නිසා පක්ෂයේ අයිතිය හෝ දැනට සිටින අයගේ මන්ත්‍රීධූරවලට කිසිදු අවදානමක් නෑ. එම පක්ෂය බාරකළ නිසා යුතුකමක් හැටියටයි සජිත් විසින්, ඩයනාද ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකට පත්කිරීමට ලේකම්ට උපදෙස් දුන්නේ. ඇය පත්කළේත් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින්. නඩුව තිබුනේ ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන්. ඩයනාගේ නීතිඥයින් අධිකරණයේදී තර්ක ⁣කළේ ඩයනා ශ්‍රීලංකා පුරවැසියෙක් බව පවසමින්. එතකොට ඩයනා නඩුවෙන් දිනුවනං, රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සන් නීත්‍යානුකූලයි

:       14       58

අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 03:59 PM

ගෙම්බෙක් ගිය උඩ...

:       13       67

Twitterkanch Wednesday, 08 May 2024 04:49 PM

රනිල්ට කඩේ යන ගමන් කයිවාරු ගහන මනුස්සකමක් නැති උද්දච්චයින්...

:       0       2

Priyantha Abeykoon Wednesday, 08 May 2024 05:00 PM

එතකොට ඔයා මන්ත්‍රී වුනේ බැසිල්ගේ පක්ෂෙන්නේ. එයත් ඇමෙරිකන්නේ. එහෙනම් ඔබත් ගෙද‍ර...

:       0       1

nanda Wednesday, 08 May 2024 05:09 PM

තමන්ගේ වාසියට කියන කතා මිසක් බුද්ධියෙන් කියන කතා නෙවෙයි. පාර්ලිමේන්තුවට ඕනම රූකඩයක් මේ විදිහට ගැලපෙනවා.

:       0       1

Uthpalawarna Wednesday, 08 May 2024 05:12 PM

ඔබතුමාට එරෙහිව දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය නඩුවට ඔයා අල්ලපු ලෝයර්ම අල්ලලා දුන්නොත් සජබේ අයටත් ගොඩයන්න පුළුවන් නේද ඇමැතිතුමා?

:       8       26

ජගත් ලියනගේ Wednesday, 08 May 2024 05:15 PM

විකාර කතා කියන්නේ නැතුව ඉන්න කාංචනා. පොඩ්ඩක් ඔයාගෙ ඔළුව පරීක්ෂා කර ගන්න.

:       8       23

පිටරටවැසියා Wednesday, 08 May 2024 05:18 PM

කාට වැරදුණත්, ඔයාට නම් වැරැදිලා නෑ, රාජපක්ෂලා කැලේ, පියාගෙයි, පුතාගෙයි වැඩත් එක්ක...

:       6       22

fairoos Wednesday, 08 May 2024 05:37 PM

අනේ යන්න...!

:       11       19

ජයනාත් Wednesday, 08 May 2024 05:54 PM

මෙන්න සුදනෙක්... රටේ ජනතාව අන්ත අසරණ කලා කළුකඩ විදුලි බලයක් හදලා. ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නැහැ කියලා කෝටි 8000ක ලාභයක් ගත්තා ... ජනතාව හූරාගෙන කාලා.. කළුකඩ මුදලාලි සූදානම් වන්න ගෙදර නවතින්න...

:       14       20

Shantha Wednesday, 08 May 2024 06:11 PM

CEB එකෙන් ගහන කමිෂන් රටේ ඔක්කොම දන්නවා. දුප්පත් මිනිස්සුන්ගේ සාපෙ වදිනවා හොරුන්ට...

:       11       24

සෝමසිරි සෙනෙවිරත්න Wednesday, 08 May 2024 06:40 PM

සැබෑ ලෙසම ගරු අධිකරණය මගින් විසඳා ගතයුතු කාරණාවකි.

:       1       15

Mathara jothi Wednesday, 08 May 2024 07:25 PM

මේ වගේ ගොන් මැට්ටන්ව ඊලග සැරේ පාර්ලිමේන්තුවට එවන්න එපා, මහින්ද රාජපක්ෂටයි ගෝටාබය රාජපක්ෂටයි පිං සිද්ද වෙන්න පාර්ලිමේන්තුවට ආවේ එදා පොහොට්ටුවට තිබුණු ජන රැල්ලට මේ සැරේ ඒවා හබක්

:       4       16

බද්රානි Wednesday, 08 May 2024 08:02 PM

මම අහන්නේ, පහුගිය කාලේ මුදල් ඇමැති වෙලා හිටපු බැසිල් රාජපක්ෂට ඔය කියන නීතිය අදාළ නොවුනේ ඇයි..?එදා ඔය ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න නීති වෙනස් .උනාද.? මේ ගැන කවුරුන් හෝ පැහැදිලි කරන්න

:       4       20

ධනුෂ්ක Wednesday, 08 May 2024 10:21 PM

ඒ කාලේ ද්විත්ව පුරවැසියන්ට පුලුවන්. ඊටපස්සේ ඒක වෙනස් කලා

:       0       0

duplicate Ralahami Wednesday, 08 May 2024 08:04 PM

නොදන්න දේ කතා කරලා ජනයා නොමග යවන්න ඔයා දක්ෂ වුනාට ඔයට වඩා දැන් ජනතාවට මොලේ තියෙනවා.. බොරු බේගල් බාන්නේ නැතුව වැඩක් බලා ගන්න

:       5       15

විජිත් Wednesday, 08 May 2024 09:53 PM

කාංචන තමුසෙත් හොඳ පෙරකදෝරු මහත්තයෙක් හොයාගෙන ලැහැස්තිවෙනවා, රටේ ජනතාවට තමුසෙත් එක්ක ලොකු ගනුදෙනු වගයක් තියෙනවා. සමහරවිට තමුසෙයි, රනිලුයි, නාකි මයිනයි ..ළඟ ලඟම කුඩුවල ලගින්නටත් පුළුවන් ලබන අවුරුද්දේදී.

:       0       0

kumara Thursday, 09 May 2024 03:31 AM

සියලුම මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය පරීක්ෂා කරන්න.

:       0       2

සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:56 AM

එහෙම කෙනෙක් අත උස්සල සම්මත කරපු තමන්ගෙ විදුලිබල පනතත් නීත්‍යනුකූලද?

:       0       2

ලලිත් Thursday, 09 May 2024 07:17 AM

මූ දන්න නීතිය. මුගෙ අප්පා ඌ කරපු පව්වල විපාක තාමත් විඳිනවා. ඒ දවස්වල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ වීරයෙක් වුණ මුගේ අප්පා ශිෂ්‍ය සංහතියම පාවාදුන්නා. රුහුණේ තිබුණ විරු සිසු ස්මාරකය මුගේ මැරයෝ දාලා කඩාදැම්මා. මාතර උත්ඝෝෂණ කරපු ශිෂ්‍යයන්ගේ අට්ටාල කඩලා උන්ව පන්නලා ඒවයේ කොණ්ඩම් තිබුණා කියලා ප්‍රසිද්ධ වේදිකාවල කෑ ගැහැව්වා. ඔය කොණ්ඩම් වලට ප්‍රසිද්ධ පොරක් තවත් ඉන්නවා. එයාටත් මැරෙනකොට කටේ කොණඩමයක් දාගෙන තමයි මැරෙන්න වෙන්නේ.

:       0       2

Karuමයා Thursday, 09 May 2024 08:51 AM

මෙයාගෙ තර්කෙ නම් වැරදි නැහැ, ඇත්තටම ඩයනාට මුල් පක්ෂය ලියාදිංචි කිරීමේදී ලංංකාවේ පුරවැසිභාවය තිබිලා නැත්නම්. ද්විත්ව පුරවැසිභාවය තිබුණනම් පක්ෂයේ ආරම්භය පිළිබඳව අදාල විය හැක්කේ බැසිල් මහත්මයාට අදාල නීති කරුණම වියහැකියි. හේතුව පොහොට්ටුව එයාගෙ පක්ෂය වීමයි. කාංචන උන්නැහැ ත්ත්වය දැනගෙනද එක්ක කතත් බොක්ක වෙනයි චෝදනාත් ඇති සගයන්‍ට ඇඟිල්ල උරුක් කරන්නෙ!

:       1       2

Bamunuarachchi Thursday, 09 May 2024 10:04 AM

අන්න කලොත් වැඩේ. ඩයනාට විරුද්දව පෙත්සම ගැසුවා නම් අපිත් return එක දෙමු.

:       0       0

Nilantha Thursday, 09 May 2024 01:59 PM

ඩයනා පාර්ලිමේන්තු ආවෙත් සජබ ජාතික ලැයිස්තුවෙන්. ගැලරිය පිනවන්න එපා

:       0       0

Banda Thursday, 09 May 2024 02:04 PM

අපායට යන්න ලෑස්ති වෙලා ඉන්න ලොක්කා. තොගෙ අසාධාරණ බිල් නිසා ලයිට් කපපු පවුල් ලක්ෂ 10කගේ සාපයෙන් ගැලවිල්ලක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු
2024 මැයි මස 19 3 0

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර


කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 222 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 210 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 1728 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 268 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1042 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 803 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site