(රංජන් කටුගම්පොළ)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ඇයට  පාර්ලිමේන්තුවට පත්වීමට හෝ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හෙරත් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.