
(සුජිත් හේවාජුලිගේ )
සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන සිටින්නීය.
ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති ගමගේ මහත්මිය ඒ සඳහා අද (21) හිස මුඩු කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඩයනා ගමගේ මහත්මිය මෙසේ තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පන පෙවීමටය.
ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයා සිය චිත්‍රපටයේ රඟපෑම සඳහා කළ ආරාධනය ඩයනා ගමගේ මහත්මිය ඉතා කැමැත්තෙන් බාරගෙන ඇතැයිද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ගැලපෙන කෙනා තෝරාගෙන
මෙයා හොඳට රඟපාන්නනම් හරි දක්ෂ කෙනෙක් බව ඔප්පුකරල තියනවා.
ඉවරයි .ඔයිට වඩා හොඳයි ලැට් පෝච්ච්යක් ගත්තානම්
ඒ චරිතයේ නැද්ද දන්නෙ නෑ ගංජා ප්‍රොමෝට් කරන්න>
පාර්ලිමේතුවේ ධර්ම දේශනා කරනවා ඇහිලා වෙන්න ඇති .මෙහෙණින් වහන්සේ කෙනෙකුට රඟපාන්න ගත්තේ ?
අද කොන්ඩෙ නොකපුවොත් චන්දෙන් පස්සේ රටේ මිනිස්සු ලැහැස්තිවෙලා ඉන්නේ මේ වනචර විදේශීය ගැහැනියව හිස බුගාලා රටෙන් පන්නන්න.මේ වගේ වනචර ගැහැනියක් මෙහෙණින් වහන්සේ නමක් වැනි උත්තමාවකගේ චරිතය නිරුපනය කරන්න තෝරාගත් අධ්‍යක්ෂකයාගේ මොලය පරික්ෂා කරන්න වටිනවා.
චිත්‍රපටිය ට නමක් දාමු ද? "සාසනෙත් ඉවරයි පඬු හැලියත් ඉවරයි" ???
ගංජා නීතගත කලයුතු යැයි පාර්ලිමේන්තුවේ හඬක් ගෙනයන, තවත් දේවල් කළයුතු යැයි මොරදෙන මැය මේ චරිතය නිරූපණය කිරීම සඳහා නිර්දේශ කිරීම කලයුතුව ඇත.සාසනයට දෙවියන්ගේම පිහිටයි.
කහ සිවුරත් එක්කම පාලිමන්ට් යමු
රගපෑම මෙහෙණියකගේ. සැබෑ ජීවිතයේ කතා කිරිම ගංජා නීතිගත කිරීම. ගණිකා වෘත්තිය නීතිගත කිරීම. නයිට් ක්ලබ් දැමීම. මේ වගේ ගෑනුන්ට රගපෑමට වුවත් උතුම් චීවරය ඇන්දීම සුදුසු නොවේ.
මේ වගේ මිත්‍යා ද්ශ්ටික ගෑනියෙක් පැවිදි උතුම් චරිතයකට තෝරා ගන්නේ මොකටද . මිනිස්සුන්ගේ පිරිහීම මනාව පෙන්නුම් කරනවා මේ දේවල් තුළින් . මේ ගෑනි මැරුනු ගමන් යන්නේ අවීචි මහා නරකාදියට. ඒක වලක්වන්න කාටවත් බෑ. මිනිසුන් පිරිහෙන කාලෙට මෙවැනි දේවල් වෙන එක අරුමයක් නොවෙයි . ඉදිරිය බොහොම භයානකයි . සිහි නුවනින් යුක්තව වැඩ කරන්න.
ඉන්දීය චිත්‍රපට කර්මාන්තයත් විනාශ කරලා නවතීද දන්නේ නැහැ ?
ටිකක් සේමිනිත් වගෙ
සන්සුන් හැසිරීම..... තැන්පත්බව..... සිත නිවෙන කරුනාබර වචන ... කොහොමද ඉගෙන ගන්නෙ රගපාන්න........?
සාසනෙත් ඉවරවෙයිද දන්නෙ නැහැ.
අම්මෝ සාසනෙත් ගංජා පුරුදු කරයි මේ ගෑනි
ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා ත්‍රෛලෝක විජයපත්‍ර, එහෙම නැත්නම් ගංජා ගහලද කොහෙද ???
මෙයා අධ්‍යක්ෂවරයා කවුද?
ඔය මජර දේශපාලනය කරමින් රණ්ඩු සරුවල් කරකර ඉන්න වෙලාවේ මේ ලංකාවේ ඇත්තටම මහණ වෙන්න පුළුවන් නම් ඉතින්, ගොඩම තමයි... හොරු, තක්කඩි, කුපාඩි ඔක්කෝම හතර ගාතෙන් වැඳ වැටෙනවා. දේශපාලන බලවතෙකුට හේත්තු වුණා නම්, කාලා බීලා වාහනයකුත් අරගෙන ජොලියෙන් ජීවත් වෙන්නත් පුළුවන්. පිරිමියෙක් වුණා නම් දැන් වුනත් පරක්කු නැහැ.. ඒත් මම කාන්තාවක් නිසා දැන් ප්‍රමාද වැඩියි කියලයි හිතෙන්නේ...!
රටේ පාලනය ගැන හරිම කණගාටුයි.