
ඩීමෝ ආයතනය මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ එලවේටර්ස්, එස්කැලේටර්ස් සහ Moving Walks යන සංචලන විසඳුම් ලබාදීම සඳහා තෝරාගෙන ඇත. ජර්මනියේ සුප්‍රසිද්ධ එලවේටර්ස් සහ එස්කැලේටර්ස් සඳහා වූ සන්නාමයක් වන TK එලවේටර්ස් හා එක්ව ඩීමෝ මෙම ව්‍යාපෘතිය සඳහා ඇතුළත් වී ඇත.
වර්ෂ 2018 දී ඩීමෝ TK එලවේටර්ස් සමඟ ඇතිකර ගත් හවුල්කාරීත්වයෙන් පසු, ඩීමෝ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා TK සම්බන්ධයෙන් බලයලත් එකම අලෙවි නියෝජිත සහ සේවා සපයන්නා බවට පත් විය.
මෙම නව ව්‍යාපෘතිය හරහා ඩීමෝ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා එලවේටර්ස් 23ක්, එස්කැලේටර්ස් 14ක් සහ Moving Walks 04ක් සපයනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවැසීය.
“ඩීමෝ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය ක්ෂේත්‍රයේ විශාල මෙහෙවරක් සිදුකරමින් සිටින සමාගමක් වගේම, අපගේ සේවා දැන් ජාත්‍යන්තරය දක්වා රැගෙන ගොස් තියෙනවා. මෙම වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය අපගේ නවතම අන්තර්ජාතික වෙළඳපොළ හා සම්බන්ධ සේවා ව්‍යාපෘතිය ලෙස මම හඳුන්වන්න කැමතියි.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd