(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයකු ඩිරාම් මිලියන 20 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 175 ක් පමණ)ක ලොතරැයි ජයග්‍රහණයකට හිමිකම් කීමට වාසනාවන්ත වී ඇත .
තුරෙයිලිංගම් ප්‍රභාගර් නැමැති මෙම ශ්‍රී ලාංකිකයා අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ පළමු ත්‍යාගයට හිමිකම් කියා ඇති අතර එම ටිකට් පතේ දෙවැනි ත්‍යාගයට ඉන්දියානු ජාතිකයකු වූ සෙල්වරාජ් තන්ගායාන් හිමිකම් කියා තිබේ.
තුරෙයිලිංගම් මහතා මීට වසර 16කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වී ඇති අතර අබුඩාබි බිග් ටිකට් ලොතරැයිය ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනකදී තුරෙයිලිංගම් මහතා ජයග්‍රාහී ටිකට් පත මිලදී ගෙන ඇත.
තමන් ලද මෙම ලොතරැයි දිනුම හේතුවෙන් අනාගතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙනු ඇති බවත් සුබ පණිවිඩය ලැබූ අවස්ථාවේ ඇති වූ කම්පනය තවමත් තිබෙන බවත් තුරෙයිලිංගම් මහතා පවසා තිබේ. එසේම අවුරුදු 5 ක කාලයක සිට මිත්‍රයන් සමඟ එකතු වී බිග් ටිකට් ලොතරැයිය ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් මිලදී ගත් බවද තුරෙයිලිංගම් මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සිතින් සුබ පැතුම්! දැන් ඉතින් එම මුදල්ද රැගෙන ඔබගේ මව් රටට එන්න. යහපත් ව්‍යාපාරයක් සඳහා එය ආයෝජනය කරන්න. ඔබේ ජනතාවටත්, අන් අයටත් වෙසෙසින්ම ඔබටත්, අවසානයේ රටටත් ඉන් ප්‍රතිලාභ අත්කර දෙන්න...!
සුබ පැතුම්... කප්පම්කරුවන්ගෙන් පරිස්සම් වෙන්න.
ඔබ මේ රටට ආවොත් ඔබව මරාගෙන කාවි මේ රටේ ඉන්න ලේ බොන දේශපාලු අසික්කිත නරුමයින් සහ ඔවුන්ගේ ඉඳුල් කන නිලධාරීන් යයි කියාගන්නා පට්ට මෝඩයින්. ගුවන් තොටුපොළේ ඉඳලාම ඔබව ෆලෝකරයි. විශේෂයෙන් ගම්පහ නෝණ්ඩි බඩා ඔබව දුටුවොත් අනිවාර්යයෙන් රුපියල් කෝටි 15ක් විතර උදුරලා ගන්නවා. එකාගේ රස්සාව කප්පම් ගැනීමනේ. ඒකා ගන්න කප්පම්වලින් කොටසක් රටේ ලොක්කාටත් යනවාලු. මේ ජරා රටට ඇවිත් නිකම් ලෙඩ දාගන්නේ නැතිව ඔබ ඉන්න ලස්සන රටේ සතුටින් ඉන්න. දුප්පතුන්ට සලකන්න.
මුදල් ආයෝජනය කරන්න කියලා එක එකා හොයන් ඒවි .නොදන්නා දේවල් කරන්න මුදල් වැය නොකර සල්ලි ටික පරෙස්සමෙන් කරගත්තොත් හොඳයි
ඔබට වඩා හොඳයි සාමකාමී රටකට ගොස් තමාගේ පවුලත් සමග ජීවත්වීම. ඔබ ලංකාවට පැමිණියහොත් වාහන දේපල, ව්‍යාපාර සඳහා බදු බදු බදු . මේක මොඩ , කම්මැලි, අනුන්ගෙන් ජීවත්වන හිගන්නො ඉන්නෙ.
ජයග්‍රහනෙ බොහොම සතුටු වෙනව.