
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ සහ මත්ද්‍රව්‍ය වැටලීම්වල නිරතව සිටින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ සහ දරුවා මරා දමන බවට ඩුබායි රටට පැන් පළා ගොස් සිටින දාගොන්නේ කිරියා යන අනුවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකු විසින්එම කොස්තාපල් වරයාට මරණීය තර්ජනය කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා මේ බව මීගමුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහුට මරණීය තර්ජනය කළ දුරකථනයෙ අංකය ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා මේ දිනවල කුරුණෑගල වැහැර සේවස්ථ පුහුණු ඒකකයේ පාඨමාලාවක් හදාරමින් සිටින අතර එම පාඨමාලාව හදාරමින් සිටියදී මෙම පාතාල නායකයා මෙවැනි තර්ජනයක් සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි රට පාතාලයින්ගේ, මිනීමරුවන්ගේ, කුඩුකාරයින්ගේ තෝතැන්නක් වෙලා. මේ අපරාධ කාරයින් රටට ගෙන්වා ගැනීමට ක්‍රමයක් ඇත්තේම නැද්ද? අල්ලාගෙන අදාළ විස්තර ලබාගෙන පරලොව සැපත් කරනවා නම් ප්‍රශ්න විසඳෙනවා. හරක්කටා, බූරුමුණා වගේ අය පරිස්සම් කරන්න යන වියදම දිහා බැලුවම මොවුන් මරා නොදමන්නේ ඇයි කියා කණගාටුවක් ඇතිවෙනවා...!