IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩුබයි පාතාලයෙක්ගෙන් පොලිස් කොස්තාපල්ට මරණ තර්ජන

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ සහ මත්ද්‍රව්‍ය වැටලීම්වල නිරතව සිටින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ සහ දරුවා මරා දමන බවට ඩුබායි රටට පැන් පළා ගොස් සිටින දාගොන්නේ කිරියා යන  අනුවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකු විසින්එම කොස්තාපල් වරයාට මරණීය තර්ජනය කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා මේ බව මීගමුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහුට මරණීය තර්ජනය කළ දුරකථනයෙ අංකය ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා මේ දිනවල කුරුණෑගල වැහැර සේවස්ථ පුහුණු ඒකකයේ පාඨමාලාවක් හදාරමින් සිටින අතර එම පාඨමාලාව හදාරමින් සිටියදී මෙම පාතාල නායකයා මෙවැනි තර්ජනයක් සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (1)

ඩුබයි පාතාලයෙක්ගෙන් පොලිස් කොස්තාපල්ට මරණ තර්ජන

Bamunuarachchi Saturday, 28 October 2023 08:16 PM

ඩුබායි රට පාතාලයින්ගේ, මිනීමරුවන්ගේ, කුඩුකාරයින්ගේ තෝතැන්නක් වෙලා. මේ අපරාධ කාරයින් රටට ගෙන්වා ගැනීමට ක්‍රමයක්‌ ඇත්තේම නැද්ද? අල්ලාගෙන අදාළ විස්තර ලබාගෙන පරලොව සැපත් කරනවා නම් ප්‍රශ්න විසඳෙනවා. හරක්කටා, බූරුමුණා වගේ අය පරිස්සම් කරන්න යන වියදම දිහා බැලුවම මොවුන් මරා නොදමන්නේ ඇයි කියා කණගාටුවක් ඇතිවෙනවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site