
(රෝෂන් තුෂාර)
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නිකුත් කළේය.
වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළේය.
වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ ඩෑන් පියසාද් මරණකරු ඊයේ( 22)රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ ඥාති නිවසක සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩි තැබූ පාර්ශවය හා මරණකරුගේ පාර්ශවය අතර කලක පටන් කෝන්තරයක් පැවති බවට සාක්ෂි අනාවරණය වන බවත්,ඒ අනුව සැකකරුවන් දෙදෙනා රටින් පිටුවීම වළක්වන නියෝගයක් වහාම නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද පිය පුතු දෙන්නා...?
ආණ්ඩුවෙන් මරපු විදිහට මෙතැන වැලලිච්චි කට්ටියට, මැරිච්ච විදිහ ගැන උත්තරේ ලැබිලා.
මේවා දැනට රහසක්ව පවතීවි... නමුත් යම් දිනෙක සත්‍යය එළියට එනු ඇත. අනෙකාගේ මතය ඉවසාගත නොහැකිවුන් සාමයට භයානකයි. අපි බලා සිටිමු.
පියා මාලිමාවේ ජාතික ලැයිස්තුවේ, පුතා අපේක්ෂකයෙක්ද කියලා හොයලා බලන්න ඕන. මතකනේ පාස්කු ප්‍රහාරය.
මේක ආණ්ඩුවේ වැඩක්. මුළු ලෝකයම දන්නවා. ජෙප්පෝ සුපුරුදු වැඩ පටන් අරගෙන. මේක ඉතාමත් භයානක කාලයක්...
කවුරු වුණොත් ඔහෙම මිනීමරන්න බෑ... හැමදාම වෙඩි තැබීම්... ලංකාවේ බුද්ධි අංශයක් නැද්ද?