
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
එහි මූලික පියවර ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා 2024 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඩිජිටල් ආර්ථිකය ලංකාවේ ප්‍රචලිත කිරීමට ලබන වසරේදී ජාත්‍යන්තර ආයෝජන වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන දෙකකට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රතිලාභ 2025 වන විට ලාංකේය ජනතාවට භුක්තිවිඳීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන මිනිස්සු දැක්කාම වැඩේ වෙන විදිහ හිතාගත හැකියි. ඕක ඉවර වෙනකොට බිලියන දෙකකටත් විදලා වැඩටික තවත් කෝපි කාලෙට ගෙනිහින් තමයි මෙයාලා නවත්තන්නේ...
ඩිජිටල් කරන එක මහා අමාරු වැඩක් නොවේ. පළමුව උත්පත්තියේ සිට DNA පදනම් කරගත් හඳුනාගැනීමේ ක්‍රමය, සෑම පුරවැසියෙකුටම බැංකු එකවුන්ට් එකක්, කෑෂ් චෙක් අවලංගු කිරීම, වාහන අංකය පුද්ගලික නමට නිකුත්කිරීම, සමාජ ආරක්ෂණ අංකයක් අනිවාර්‍ය කිරීම පදනම් කරගත් සිස්ටම් එකක් පළමුවෙන්ම පුලුවන්නම් කරන්න. මම කියනවා ලංකාවේ දෙසපාලකයෝ මේකට කැමති නැහැ. එතනයි ප්‍රශ්නය.