(රංජන් කස්තුරි)
පවතින වැසි සහිත කැලෑගුණික තත්වයක් සමග ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන් සඳහන් කරයි.
ඔක්තෝබර් මාසයේදී මෙරටින් ඩෙංගු උණ රෝගීන් 2339 දෙනකු හමු වී ඇති අතර වැඩිපුර ඩෙංගු රෝගීන් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බව ද ඩෙංගු මර්ධන වැඩ සටහනේ දත්ත වාර්තා සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් 14070ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13742ක් කළුතර දිස්ත්‍රික්කයෙන් 4307ක් ආදී වශයෙන් බස්නාහිර පළාතෙන් ඩෙංගු උණ රෝගීන් හමුවී තිබෙන බව ද එම දත්ත වාර්තාවල සඳහන් වේ.
නිවෙස් අවට සහ කාර්යාල,පාසල් අවට පරිශ්‍ර පිරිසිදුකර ගැනීමට උනන්දු විය යුතු බව ද ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd