IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්

(නිමල කොඩිතුවක්කු)

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මෙන්ම  චිකන් ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකන් ගුන්යා ඊඩිස් නම් මදුරු විශේෂය මගින් ජනතාවට වැළදෙන බවත් ඔහු කීවේය.

තද උණ සමග හන්දි පත් රුදාව, සම කලු විම, කුෂ්ඨ ඇතිවීම මෙහි මූලික රෝග ලක්ෂණ බවත් දීපාල් පෙරේරා මහතා කීවේය.

මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්ථා වීමද මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

කැස්ස උණ සහ සෙම්ප්‍රතික්ෂාව තිබේනම් මුඛ ආවරණ පලඳින ලෙසත් ඔහු සඳහන් කලේය.

මෙම රෝග තුනේම රෝග ලක්ෂණ එක හා සමාන බැවින් රුධිර පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් රෝග හදුනාගැනීමට සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මෙම රෝග තුනෙන් එකකට හෝ භාජනය වී  ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 483 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site