
(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති හෙයින් ඩෙංගු සම්බන්ධයෙන් ඉදිරි සති දෙක අතිශය අවදානම් බව ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.
ඩෙංගු ව්‍යාප්තිය 2017 වසරටත් වඩා අවදානම් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි කී හෙතෙම ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇතැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd