
(අංජුල මහික වීරරත්න)
බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරයේ දී පසුගිය මාර්තු මස 23 වැනිදා සිදුවූ හදිසි අනතුරකින් පිලිස්සුම් තුවාල ලැබූ සිසුවියගේ ඉදිරි ප්‍රතිකාර සහ එම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් මාසිකව රුපියල් 25,000ක ශිෂ්‍යාධාරයක් ලබා දීමට පියවර ගෙන තිබේ.
විද්‍යාලයේ විද්‍යාගාරයේ පිෂ්ඨ පරීක්ෂාවක් (Starch Test) සිදු කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පෑවේ අදාළ පවුලේ දෙවැනි දරුවාය.
පරීක්ෂණය අතරතුර භාවිත කළ රසායන ද්‍රව්‍ය උතුරා ගොස් ගිනි ගැනීමත් සමඟ ඇය මෙලෙස පිලිස්සුම් තුවාල ලැබුවාය. අනතුරින් පසු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණු සිසුවිය මාසයකට අධික කාලයක් එහි නේවාසිකව විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලැබූ අතර, මේ වන විට තුවාල සුව අතට හැරෙමින් තිබුණද ඇයට තවදුරටත් අඛණ්ඩව වෛද්‍ය සාත්තු සහ ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතී.
මෙම සිදුවීම සහ පවුලේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුවියගේ මව විසින් ජනාධිපති අරමුදල වෙතින් සිදු කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම සහනය සැලසීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක සිසිර සෙන්පති කහවත්ත මහතා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් අදාළ සිසුවියගේ නිවස වෙත පැමිණ පවුලේ සාමාජිකයින් හමුවී මෙම ශිෂ්‍යාධාරය පිරිනැමූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd