'සයිකොව්-ඩි' නම් ලොව ප්‍රථම ඩී.එන්.ඒ කෝවිඩ් මර්දන එන්නත භාවිතා කිරීමට ඉන්දියාව සුදානමින් සිටී.
ඉන්දියාවේ ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන සයිඩස් කැඩිලා සමාගම මෙම එන්නත නිපදවා ඇත.
වයස අවුරුදු 12න් ඉහළ වයස් කාණ්ඩය සඳහා හදිසි භාවිතයට ගැනීමට ඉන්දියා රජයේ අවසරය මෙම එන්නතට හිමිවී තිබේ.
ඩී.එන්.ඒ අණු මත පදනම් වී ඇති මෙම එන්නත මාත්‍රා තුනකින් යුක්ත වේ.
ට්‍රොපිස් නැමැති ඉන්ජෙක්ශන් කටු යොදා නොගන්නා, එන්නත් කිරීමේදී කිසිම වේදනාවක් නොදැනෙන ක්‍රමයක් මගින් එන්නත් කීරීම සිදු කරයි.
පළමු මාත්‍රාව ගෙන දවස් 28 දෙවැනි මාත්‍රාව ගත යුතු බවත් දවස් 56 තුන්වෙනි මාත්‍රාව ගත යුතු බවත් සයිඩස් කැඩිලා සමාගම පවසයි.
(විමුක්ති එස් රුද්‍රිගු - ද හින්දු )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය හදන්නේ ඉන්දියාව හරහා පොඩි ළමයින්ට වැක්සීන් විකුණන්න... මේක තනිකරම බෙහෙත් ජාවාරමක්.. අපේ සෙට් එකට නම් මේ පාර අවුරුදු ජයවෙයි... මොකද දැන්මම දෙගුණයක් ළමයින්ට ඕඩර් කරලා ඇති එන්නත්.. අනේ මෙහෙමත් ගොන්නු ඉන්න ලෝකයක්...