IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඩී.අයි.ජී. කාර්යාලයෙන් උණ්ඩ උස්සා යකඩවලට විකුණලා

(දයාරත්න ඇඹෝගම,බී.ජී.චතුරංග සහ ඉන්දිකා රාමනායක)

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගබඩාවක තිබු  පතුරම් හා යකඩ තොගයක් ව්‍යාපාරිකයකුට විකුණු බව කියන එම කාර්යාල කාර්ය සහායකයකු  අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන ශ්‍රාවස්තිපුර පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පරණ යකඩ බඩු කඩයකට කිලෝ හතරක් බරැති යකඩ තොගයක් විකුණා රැපියල් 320.00 මුදලක් එම යකඩ බඩු කඩයේ අයිතිකරු ගෙන් ලබාගෙන තිබු බව පොලිසිය කියයි.

පසුව එම යකඩ බඩු කඩයේ අයිතිකරු  කාර්යාල කාර්ය සේවකයා  අලෙවි කළ යකඩ බඩු පරික්ෂා කිරිමේදි එම යකඩවලට අතර මලකඩ කන ලද ටි 56 වර්ගයේ පතුරම් 54 ක් එල්එම්ජි වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන පතුරම් 04 ක් සහ  මැගසින් 03ක් හමුවි තිබේ.

ඒ අනුව එම පරණ යකඩ මිලදිගත් ව්‍යාපාරිකයා  ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට කළ පැමිණිලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

ඩී.අයි.ජී. කාර්යාලයෙන් උණ්ඩ උස්සා යකඩවලට විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 361 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site