
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී පැවැත්විණි.
ඩෙම්පෝ ෂිප් බිල්ඩින්ග් ඇන්ඩ් ඉංජිනියරින් පෞද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් බාරව කටයුතු කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් යූ.වී.එම්.පී. පෙරේරා මහතා සහ පාවෙන තාටාකය සඳහා වන ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවේ දෙරටෙහි නියෝජිතයන් අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූහ.
මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සහයෝගීතාවයේ, සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ බැඳීම් සංකේතවත් කරන බවත් ඉන්දියාව කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය හෙවත් සාගර් යන දැක්ම සහ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ ධාරිතා ගොඩනැගීම සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කළ අවස්ථාවක් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එහිදී පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා පාවෙන තටාකයක් ලබාදීමේ ව්‍යාපෘතිය ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර ශක්තිමත් බැඳීම තවදුරටත් ඉහළ නංවා ඇති බව මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය.
මෙම පාවෙන තටාකය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලු නඩත්තු අවශ්‍යතාවයන් සපුරාලනු ඇති අතර එමගින් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව ඉහළ නංවනු ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
ටොන් 4000ක පාවෙන තටාකය ශ්‍රී ලංකාවට ලබා දීම සදහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමට 2022 මාර්තු 15වන දින කොළඹදී අත්සන් ලැබීය.
දිග මීටර් 115 ක් දක්වා වන නෞකා පාවෙන තටාකයේ නැංගුරම් දැමිය හැකි අතර තටාකයේ එසවුම් ධාරිතාවය ටොන් 4000 කි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ
Perera Saturday, 09 December 2023 01:32 AM
පාවෙන තටාකේ ගිලුනොත් මොකද වෙන්නේ ?
Upali Saturday, 09 December 2023 08:00 AM
ඔබට "කොළඹ ඩොක්යාර්ඩ්" අමතකද?