
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ කැරොලින් ලීවිට් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. මේ බව ප්නිවේදනය කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. කැරොලින් දැඩි ට්‍රම්ප් හිතවාදිනියකි.
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මාධ්‍ය හමුවීම්වලදී මාධ්‍යවේදීන් සමග නිරන්තරයෙන් ගැටුණු ‘කටකාර’ චරිතයක් ලෙස 28 හැවිරිදි කැරොලින් ලීවිට් ප්රකටය.
ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වුවත්, කැරොලින් දිගටම තමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක ලෙස කටයුතු කරනු ඇති බවය.
කැරොලින් ලීවිට්, ඇමෙරිකා ඉතිහාසයේ ළාබාලතම ධවල මන්දිර ප්‍රධාන මාධ්‍ය ලේකම්වරිය ද වන්නීය. පසුගිය මැයි මාසයේ කැරොලින් දියණියක ප්‍රසූත කළාය. ඒ අනුව, මේ වනවිට ඇය දෙදරු මවකි.
තමන් තම ධුරයෙන් සමුගන්නේ පෞද්ගලික කාරණා නිසා යැයි කැරොලින් පවසා ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින අඩුවීම, කැරොලින් සිය ධුරයෙන් ඉවත් වීමට හේතුව බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd