
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගමන් ගත් ‘මැරීන් 1’ නිල හෙලිකොප්ටරය, ඇමෙරිකන් මගී ගුවන් යානයක ගැටීමට ගොස් ‘නූලෙන් බේරුණු’ බව ඇමෙරිකන් මාධ්‍ය පැවැසීය.
ට්‍රම්ප්ගේ නිල හෙලිකොප්ටර් යානය ලෙස සැලෙකන ‘මැරීන් 1’ හෙලිකොප්ටරය, ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් එකකි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ආකාරයට, ට්‍රම්ප් රැගත් හෙලිකොප්ටරය වොෂින්ටන් අගනුවරට ඉහළින් ධවල මන්දිරයේ සිට ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුර බලා පියාසර කරන්න විය.
එසේ පියාසර කරමින් තිබියදී, ඇමෙරිකන් මගී ගුවන් යානයක් හොලිකොප්ටරය ආසන්නයෙන් පියාසර කර ඇත්තේ පවත්වාගත යුතු ආරක්ෂිත සීමාව ඉක්මවා යමිනි. ට්‍රම්ප්ට හෝ හෙලිකොප්ටරයේ සිටි කිසිවකුට හෝ ගුවන් යානයේ සිටි කිසිවකුට හෝ අනතුරක් සිදුවූයේ නැත. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇත.
‘මැරීන් 1’ හෙලිකොප්ටර් යානය සහ ගුවන් යානය අතරේ තිබිය යුතු දුර ප්‍රමාණය සැතපුමකට වඩා වැඩි විය යුතු නමුත්, ගුවන් යානය පියාසර කර ඇත්තේ සැතපුමකට වඩා අඩුවෙනි.
ගුවන් යානය, රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ ඇමෙරිකන් එයාර්ලයින්ස් සමාගමට අයත් මගී ගුවන් යානයකි.
සාමාන්‍යයෙන් යානා දෙකක් අතර තිරස් අතට අවම වශයෙන් සැතපුම් 1.5ක් සහ සිරස් අතට අඩි 500 ක් පරතරයක් පැවතිය යුතු යැයි ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැහැදිලි කර තිබේ.
ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය වැඩිදුරටත් වසා ඇත්තේ, ඔවුන් මගී ගුවන් යානය සමගත්, ට්‍රම්ප්ගේ හෙලිකොප්ටරයේ නියමුවන් සමගත් නිර්තරයෙන් සන්නිවේදනයේ යෙදුණු බවය.
මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, ගුවන් යානයේ නියමුවන් සහ ගුවන් ගමන් පාලන අධිකාරියේ නිලධාරීන් අතරේ, හුවමාරු වූ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් ගුවන් යානය, ට්‍රම්ප්ගේ හෙලිකොප්ටර් යානය පියාසර කළ මාර්ගය ආසන්නයට පැමිණි බවය.
ට්‍රම්ප් නිල ගුවන් යානයෙන්, ඇන්ඩෲස් ගුවන් තොටුපොළට ගිය ගියේ, කැලිෆෝනියාව බලා යෑමට ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයට ගොඩවීමේ අරමුණින්ය.
පසුගිය 2025 වසරේ ජනවාරියේ, සන්නිවේදන ගැටලුවක් හේතුවෙන්, හමුදා හෙලිකොප්ටර් යානයක් සහ ඇමෙරිකන් මගී ගුවන් යානයක් එකිනෙකට ආසන්නයෙන් පියාසර කර ගැටී දරුණු අනතුරක් සිදුවිය. එයින් 67 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd