
(සුමිත් පොතුපිටිය)
කළුතර ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇද වැටී මියගිය කළුතර නාගොඩ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ ජංගම දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද පස්වරුවේ කළු ගගේ නිරීක්ෂණය කරන අයුරු දැකගත හැකිවීය.
දැරිය ඉකුත් 6 දා රාත්‍රි මිය ගිය අතර ඇයගේ ජංගම දුරකථනය කළු ගගට විසිකර ඇති බවට දැනට අත්අඩංගුවට ගත් යුවළගේ ප්‍රකාශවලින් හෙලිවිය.
පොලිස් කිමිදුම්කරුවන් දෙදෙනකු සහ නාවික කිමිදුම් කරුවන් තිදෙනකු නාවික යාත්‍රාවක් උපයෝගී කරගනිමින් නිරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලුගග නිස්කලංක ලෙසට ගලන්නේ නැහැ ඔයිටත් වඩා බර දේවල් වතුරේ පාවෙනවා බොහෝවිට දුරකථනය ක්ෂනිකව පතුලට නොබැස දුරකට ගසාගොස් වැල්ලේ යටවෙන්න පුළුවන් නැත්නම් මුහුදට පාවෙලා යන්න ඇති .මම වැරදියි නම් පරීක්ෂණයක් කර බලන්න
අපරාදෙ මහජන මුදල්... සහ කාලය. හරියට මහ මුහුදේ වැලි කැටයක් හොයනවා වගේ නිශ්ඵල වැඩක්... අදාළ සමාගමෙන් රෙකෝඩින් ටික ගත්තා නම් ඉවරයිනේ...!
කිමිදුම්කරුවන්ට කිසිම කරදරයක් නොවී තම සේවය ඉටුකිරීමට හැකි වේවායි, ප්‍රාර්ථනා කරමි...
දුරකථන රෙකෝඩින් සමාගම් වල තියා ගන්නවාද?
මෙතරම් දුරකථන තාක්ෂණය දියුණු යුගයක ඔය කියන දුරකථනය මොකටද දත්ත සොයාගන්න. අධිකරණ නියෝගයක් ගෙන එදින සහ ආසන්න දිනවල ඇමතුම් වාර්තාව ගන්න.....