
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන් පාඨයක් කරගෙන තිබෙන බවත් පැවසීය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන '101 කතා' වැඩසටහනට එක්වෙමිනි.
කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ශාව කියාගෙන ඇවිල්ල තමයි නන්දසේන රට කෑව.. දැන් සැපද?
මූගෙන් මීට වඩා වෙන මොන උපදෙස් බලාපොරොත්තු වෙන්නද? රටේ කරුමෙට උපන් උන්...
ජාතික ආරක්ෂාව බිලිබඳව කැපවුණු ඒ ගැන හසල දැණුමක් ඇති මහත්වරුයි ඒ ප්‍රකාශය කළේ. මෙතුමා මහචාර්ය වෙන්න ඇති වෙනත් විෂයකට.
ජාතික ආරක්ෂව කියන වචනේ තේරුම දන්නැති මහාචාර්යවරු ,ඕවට පත්කරලා තිබුන හින්දා තමා ,සහරා අත් බෝම්බ ගහනකන් කට්ටිය නිදන් හිටියේ .මෙයාලට වඩා දැනුමක් තියෙනව ,අද කාලෙ ඉන්න පොඩි දරුවන්ට . Cyber security වලට අනිත් රටවල් දිලා තියන තැන දැක්කනම් ,මේ මහත්තය තාම මොන්ටිසොරි ගතියක් මට නම් පේන්නෙ.සල්ලි දෙනවනම්ඕනෙ දෙයක් කියයි මේ මහාචාර්යවරු
මොන ජාතික ආරක්ශා ද .අපි දැක්කා පසුගිය අවුරුද්දේ කොළඹ වුනු අපරාධ සියල්ලම රූපවාහිනියෙන් ,ගිනි තැබීම් ,දේපොළ විනාශ ,මිනී මැරුම් ,එවිට ඔය මොන ආරක්ෂාවක් වත් තිබෙන්නේ නැහැ .දැන් රටම පිස්සන් කොටුවක් වෙලා තියෙන්නේ
වත්මන් රජයට තවත් සිල්ලර වෙළෙන්දෙක්. !!!