IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ට්‍රම්ප්ට අධි චෝදනා

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් හමුවේ ලද පරාජය වෙනස් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඔහුට සහ ඔහුගේ සමීපතමයන් 18 දෙනකුට එරෙහිව ජෝර්ජියා ප්‍රාන්තයේ ෆුල්ටන්හි ජූරි සභාවක් අධි චෝදනා ගොනු කර ඇත.

ජෝර්ජියා රිකෝ පනත උල්ලංඝනය කිරීම, මැතිවරණ වංචා සිදුකිරීමට තැත් කිරීම, රාජ්‍ය නිලධාරියෙකු ලෙස ලබා දුන් දිවුරුම් කඩ කිරීම ඇතුළු අපරාධ චෝදනා 13 ක් ට්‍රම්ප්ට විරුද්ධව ගෙන ඒමට රජයේ නීතිඥ ෆැනී විලිස් මහත්මිය කටයුතු කර තිබේ.

2021 වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද විමර්ශනයක් අවසන් කරමින් ට්‍රම්ප්ට විරුද්ධව මෙසේ චෝදනා ඉදිරිපත් කිරීමට ෆුල්ටන් හි රජයේ නීතිඥ ෆැනී විලිස් කටයුතු කර ඇත.ඒ අනුව ට්‍රම්ප්ට සහ ඔහුගේ සමීපතමයන්ට විරුද්ධව සම්පූර්ණයෙන් චෝදනා 41 ගොනු කර ඇති අතර අධි චෝදනා පත්‍රය පිටු 98 කින් සමන්විත වේ.

මෙම අපරාධ චෝදනාවලට වැරදිකරු වුවහොත් උපරිම වසර 20 ක සිර දඬුවමක් ලබා දිය හැකි බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී ඇත.

ජෝර්ජියාහි රිකෝ පනත සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා 1970 වසරේදී ගෙන ආ පනතක් වන අතර එමගින් අපරාධ සංවිධානවල සාමාජිකයන්ට උපරිම දඬුවම් ලබා දීමට හැකියාව ලබා දේ.

චෝදනා ගොනුකර ඇති සියලු දෙනාට විරුද්ධව මේ වන විට වරෙන්තු නිකුත් කර තිබෙන බවත් ඔවුන්ට නීතියට බාර වීමට අගෝස්තු 25 වැනිදා මධ්‍යහන වන තෙක් කල් ලබා දී තිබෙන බවත් නීතිඥ ෆැනී විලිස් මහත්මිය ප්‍රකාශ කර ඇත.

 



අදහස් (0)

ට්‍රම්ප්ට අධි චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site