IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත. 

එසේ නොකරන්නේ නම්, හමාස් සංවිධානය ලොකු වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, හමාස් සංවිධානය මිහිපිටින් තුරන් කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා තර්ජනය කර ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කළේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම සාකච්ඡා පැවැත්වෙද්දීය.

ජනාධිපති ට්‍රම්ප්, මෙසේ හමාස් සංවිධානයට අනතුරු ඇඟවීම් කළේ  සිය සමාජ මාධ්‍ය ගිණුම හරහාය. ‘මේක තමයි නුඹලාට ලැබෙන අවසන් අනතුරු ඇඟවීම. ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කරන්න. පුළුවන් වෙලාවේ ගාසා තීරයෙන් යන්න. නැතිනම් නුඹලාට වන්දි ගෙවන්න වේවි’ යැයි ට්‍රම්ප් පවසා ඇත.

‘ගාසා පලස්තීන වැසියන්ට මා කියන්න කැමතියි. නුඹලට හොඳ ලස්සන අනාගතයක් උදා කරන්න මා සූදානම්. හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් රඳවාගෙන ඉන්නා තුරු මට එය කරන්න බැහැ. ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන ඉන්නවා නං නුඹලට මැරෙන්න වේවි. මොළය පාවිචචි කරලා තීරණයක් ගන්න. ඉක්මනින්” යැයි ජනාධිති ට්‍රම්ප් ප්‍රසිද්ධියට පත් කළ එහ සමාජ මාධ්‍ය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු

ආච්චි Thursday, 06 March 2025 11:36 AM

ට්‍රම්ප් ජනපතිතුමනි, විශිෂ්ටයි. ඒ අන්තවාදී ත්‍රස්තවාදීන් නමැති පිළිකාව මෙලොවින් තුරන් කරන්න මැදිහත් වෙන්න. අපේ ලොක්කො නං ඒ සර්පයන්ට කිරි පොවනවා මෙහෙ. ඡන්ද ටිකට පෙරේත කමට. අපේ උන්ට බලය තමා වටින්නෙ නිදහස මකබෑ උනත්.

:       34       34

fairoosThursday, 06 March 2025 01:18 PM

ඔය ඩේසි ආච්චි ද නැත්නම් නිකම් ආච්චිද ?

:       20       7

saman Thursday, 06 March 2025 01:43 PM

නපුන්සක ආච්චි මිනිහකුට ඉපදුනා නම් මෙහෙම කතා කරන්නේ නැහැ

:       17       8

විතාරන Thursday, 06 March 2025 02:41 PM

සාමකාමී මුසල්මානුවාට විරුද්ධ නොවන්න. අන්තවාදියාට විරුද්ධ වන්න. අන්තවාදය අවසන් නොවන තාක් කල් ආගමික සහජීවනය ගැන කතා කිරීම විහිලුවකි. ඔය "සටන්කාමීන්" කියලා ජාතියක් නෑ. "සටනට කැමති" කියන එ‌කනෙ ඒකෙ තේරුම. සටන් කරන්න කපන්න කොටන්න මරන්න කැමති එකා ත්‍රස්තවාදියා. ඔය "සටන්කාමියා" කියන වචනෙ "ත්‍රස්තවාදියාට" සුදුහුණු ගාන්න හදා ගත්ත වචනයක්.

:       0       18

ගුණරත්න Friday, 07 March 2025 01:40 PM

ත්‍රස්තවාදීන්ට තේරෙන භාසාවෙන් උත්තර දෙන්න ඕන. ඒ කියන්නේ උන් චප්ප කරලා විනාස කරලා දාන්න ඕන.

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 222 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 327 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 434 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 156 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 968 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 574 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site