
(අංජුල මහික වීරරත්න)
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය.
ලෝකයේ කිසිදු උපද්‍රවයකදී කඩා නොවැටෙන ලෙස ශක්තිමත් ආර්ථිකයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ මොරටුව ජනරැළියට සහභාගී වෙමිනි.
"සැප්තැම්බර් මස ආරම්භ කළ මාවත ඉදිරියට යනවාද නැද්ද නැත්නම් පරණ විනාශකාරී දිශාවකට හරනවාද කියන තීන්දුව මේ රටේ ජනතාව ගත කළ යුතුයි. විපක්ෂය කුමක් කිවුවත් මේ මාවත ඉදිරියට යෑමේ එකඟතාව මේ රටේ බහුතර ජනතාව මැයි මාසයේ 06 වන දා පළ කරන බව පැහැදිලියි. අද විපක්ෂය විචාරකයන් පමණයි. ඔවුන්ට පක්ෂ නැහැ. ඔවුන් අද කරන්නේ ජනතාවට අභිමුඛ වෙනවාට වඩා මාධ්‍ය ඉදිරියේ අභිමුඛ වීමයි. අද ජනතාවට තෝරාගත යුතු එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.


COMMENTS
ඕවට කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා... 76 අවුරුද්දක් හැම කෙනාගේම කකුලෙන් ඇද්දා... දැන් ඉතින් විඳවන්න තියෙන්නේ.
ඔයා හින්දා මුළු රටම හිනාවෙනවා.
එයාලත් එහෙම හරි සතුටු වුනාදෙන් සහෝදරයා...!
ලොක්කත් විපක්ෂේ ඉන්නකොට ඔය වගේ වුණාම සතුටු වුණා නේද?
ඔයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ මාස හයට මොනවාද කළේ, එහෙම ශක්තිමත් කළා නම් එදා ආණ්ඩුව භාර දෙන කොට රුපියල් 170ට තිබුණු හාල් කිලෝව දැන් 240 යි, රුපියල් 80 ට තිබුණු පොල් ගෙඩියක් දැන් රුපියල් 220යි. ජනතාවට බදු ගහනවා, බැංකු පොළියටත් බදු ගහනවා, ජනතාව පීඩාවට පත්කරලා ආර්ථිකය හදනවා කියලා පුරසාරම් දොඩවනවා. හැබැයි රටේ සමස්ත දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය බිලියන දස දහස් ගණනින් මේ මාස හයට වැඩිවෙලා. ජනතාවට සහනත් නෑ , බදු බර වැඩි කරලා, රටේ ණය ප්‍රමාණයත් වැඩි වෙලා, හැබැයි මේ සල්ලි වලින් ඔයා කරපු දෙයක් නෑ පේන්න. මොකද තවම විදේශ ණය ගෙවන්න පටන් අරගෙනත් නෑ. ඒ කියන්නේ ඔයාගේ ආර්ථික කළමනාකරණය අසාර්ථක පුස්සක් කියන එක. ඔයා 30000 හිතවතුන්ට රජයේ රක්ෂා දෙන්න යනවා කියලා පේනවා. දැනටමත් විශාල බරක් වෙලා තියෙන රාජ්‍ය සේවය තවත් තර කරන එකෙන් ආර්ථිකය හැදෙයි කියලා හිතන ඔයාටයි ඔයා කියන මේ මුසාවාද පිළිගන්න මෝඩ වහල් පාක්ෂිකයන්ටයි ඕන මේ රට තවත් අගාධයට දාන්න බව පැහැදිලියි. දැන්වත් ඔය වැඩේ නවතන්න ජනපති තුමනි. ඉන්න රාජ්‍ය සේවකයොන්ගෙන් වැඩිපුර වැඩ ගන්න ක්‍රම හදනවා මිසක් තවත් රාජ්‍ය සේවයේ බර වැඩි කරගන්න එපා. මේක ඔබගේත් මගේත් රට...