
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.
මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව රට දැනුවත් කළ යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
"ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම මාස තුනකින් කල් දමා තිබෙනවා.ඒ මාස තුන අවසන් වන විට මේ තීරු බද්ද ක්‍රියාත්මක වන්නට නියමිතයි.ට්‍රම්ප් ජනපති එම කාරණය තම මැතිවරණ ප්‍රකාශයේද ප්‍රකාශයට පත් කොට ඇරැඹූ නිසා එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට බැහැ.
ලංකාවට පනවා ඇති තීරු බද්ද අඩු කළ ද 25-30% ක හෝ තීරු බදු ගෙවන්න වෙනවා නම් එය අපට විශාල ප්‍රශ්නයක් වෙනවා.අපගේ ව්‍යාපාර වල ලාභාන්තිකය දෙස බලනවා නම් ඒ තරම් වැඩි තීරු බදු වලින් ලාභ ලබන්නට බැහැ.එය අලාභයක් බවට පත්වෙනවා.තීරු බදු වැඩිවීමත් සමග මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව අඩුවෙනවා.ඒ නිසා අපට ප්‍රශ්නය තිබෙනවා.අප ඒ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.මේ මාස තුන අවශ්‍ය වී තිබෙන්නේ රටවල් දෙක අතර සාකච්ඡා පැවැත්වීමටත් චීන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සලකා බැලීම සඳහාත්ය. මේ බද්ද නවත්තන්නට බැහැ .එය ක්‍රියාත්මක වෙනවා.රැකියා නොමැති වීම මෙහි එක් බලපෑමක් ලෙස සැලකිය හැකියි.ලක්ෂයකට පමණ රැකියා නැති වනු ඇතැයි කියනවා.රැකියා නැතිවන ගණන ලක්ෂය වුවත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාලයි යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
මෙයාටත් දැන් රැකියාවක් නැතිවෙලානේ ඉන්නේ. හැකියාවට, රැකියාවක් කියලා උදේ-සවස මාධ්‍ය නිවේදන දානවා. රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන්න ගියා නම් ඔයිට වැඩිය හොඳයි...
අයියෝ අයියෝ මෙයාට කම්කරු ජොබක්වත් දීලා පැත්තකට කරපල්ලකෝ..! නීතිය ඉස්සරහට ගෙනියන්න බය නම් ආණ්ඩුව...
මුංදෑව මයික් එකක් බෙල්ලේ එල්ලලා පාර්ලිමේන්තුව පේන තැනක වාඩිකරවලා තියන්න...
අපේ අල්ලපු ගෙදර ආච්චිටත් දැං අසූ ගානක්, හොඳටම කල්පනාව මදි, තුංතිස්පැයේම දවල් රෑ නිදි නැතුව කියවන එකමයි කරන්නේ, මුංදෑට බන්දලා දුන්නා නම් හරි...!
ඊට කලිං, හදිසි අවස්ථාවක් සේ සලකා ඔහෙත් දෙයියෝ බුදුන් සිහිකරගන්න!
මාර වැඩක් වුණානේ මේක…!
අර මොකක්දෝ ජාතක කතාවක තිබුණා වගේ, මොකෙක්වත් නැද්ද? මුංදෑ කට අරින අරින වෙලාවට කට ඇතුලට එළු බෙටි විදින්න...
මේ ලොක්කා, මාධ්‍ය ටෝක් දිදී ඕවා අපිට කියලා වැඩක් නෑ. පිල්ලෙයාන්ට ගන්න ගැහුවා වගේ කෝල් එකක් අරං අනුර සහෝදරයට හරි, ට්‍රම්ප් ගොයියාට හරි කියන්න.
එච්චර භයානක තත්ත්වයකට රට පත්කරලා දැන් එනවා උපදෙස් දෙන්න, ඕවා හිතන්න තිබුනේ තමන්ගේ කාලේ, ලෝකයේ වෙන වෙළඳ පොල සොයන්න. ආයෝජකයෝ හොයන්න තිබුණා... දැන් ඇමරිකාව කිවිසුමක් ඇරියත් අපි හාන්සිවෙන තත්වයට රට පත්කලේ වසර පනහක් මැති ඇමැතිකම් කළ තමුන්නැහැලා නේද? ඒ උන්දැලාගේ උපදෙස් අහන්න ඕනෑද?
ඔය දෙන්නම එකම කොලිටිය රටට පුළුවන් තරම් කෙළවලා දැන් උපදෙස් දෙන්න එනවා...
කට අරින්න අරින්න පාරට තේරෙනවා මේ මනුස්සයා කොච්චර හිස් මිනිහෙක්ද කියලා