IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ට්‍රම්පේ බදු ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්"  ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් එම රටවල ආර්ථිකය දැඩි බලපෑමේ  අවදානමක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය  නවතම වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන අංශය වන වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව  පසුගිය 14 වැනිදා මෙම වාර්තාව නිකුත් කළ අතර එම වාර්තාව මගින් "අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්" නිදහස් කළ යුතු ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් 28 ක් හඳුනාගෙන තිබිණ. කෙසේ වෙතත් එම රටවල් 28 ට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ තීරු බදු අනුපාතයක් පනවා ඇති එම රටවල් විසි අටේ ප්‍රමාණය සහ මධ්‍යස්ථ අපනයන මට්ටම් සැලකිල්ලට ගත්විට ඇමෙරිකාවේ ආර්ථිකයට එම රටවලින් කිසිඳු තර්ජනයක් එල්ල නොවන බව වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව පැවැසුවේය.

ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් 28 "අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්" නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය එලෙස ඉල්ලීමක් කරද්දී හොංකොං නගරයේ සිට ඇමෙරිකාවට භාණ්ඩ යැවීම සහ ඇමෙරිකාවේ සිට හොංකොං නගරයට එවන භාණ්ඩ බාර ගැනීම තැපැල් දෙපාර්තමේන්තුව එළැඹෙන 27 වැනිදා සිට නවතා දමන බව හොංකොං රජය පෙරේදා(15) ප්‍රකාශ කළේය.

මෙතෙක් හොංකොං සිට පැමිණෙන ඇමෙරිකානු ඩොලර් 800 ට අඩු ජාත්‍යන්තර නැව්ගත කිරීම් සඳහා ලබාදී තිබූ බදු නිදහස අවලංගු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කටයුතු කිරීම හේතුවෙන් හොංකොං රජය මෙම තීරණයට එළැඹ තිබිණ. එළැඹෙන 2 වැනිදා සිට ඇමෙරිකානු ඩොලර් 800 ට අඩු භාණ්ඩ සඳහා සියයට 30 බද්දක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් එය සියයට 120 දක්වා වැඩි කිරීමට ජනපති ට්‍රම්ප් ගත් තීරණය අසාධාරණ එකක් බවත් ඊට ලබාදෙන පිළිතුර මෙය බවත් හොංකොං රජය ප්‍රකාශ කළේය.

හොංකොං පමණක් නොව චීනයද තම අපනයන් සඳහා ඇමෙරිකාව පැනවූ සියයට 145 ක තීරු බද්දට පිළිතුරු ලෙස ඇමෙරිකානු අපනයනයන් සඳහා සියයට 125 ක තීරු බද්දක් පැනවීමට කටයුතු කළේය.

එලෙස චීනය සහ ඇමෙරිකාව අතර වෙළෙඳ යුද්ධය දැඩි වෙද්දී චීනය සඳහා නිපදවන ටෙස්ලා මෝටර් රථ මාදිලි 2 ක් සඳහා ඇණවුම් බාර ගැනීම ටෙස්ලා සමාගම නවතා දැමුවේය.

චීනය ඇමෙරිකානු භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරු බද්දත් සමග එම මෝටර් රථවලට චීන වෙළෙඳපොළ තුළ තරඟ කිරීමට නොහැකි වීම එම තීරණයට හේතුව විය.

 



අදහස් (0)

ට්‍රම්පේ බදු ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site