(අංජුල මහික වීරරත්න)
ටොරින්ටන් හොකී පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ටොරින්ටන් හි පිහිටි කෘත්‍රිම හොකී ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු 2009 වර්ෂයේ දී සිදු කර ඇති අතර එම ක්‍රීඩාංගණයේ තණ තීරුව කාලය නිකුත් වීම හේතුවෙන් හා ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට නුසුදුසු තත්ත්වයකට පත්ව තිබෙන බව රජය පවසයි.
එම ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රිම තණ තීරුවක් නොමිලේ ලබාදීමට ආසියා හොකී සම්මේලනය එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව ටොරින්ටන් හොකී ක්‍රීඩා පිටිය සඳහා අවශ්‍ය කෘත්‍රිම තණ තීරුව ආසියා හොකී සම්මේලනය මගින් ගැනීමට සහ එම ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංවර්ධනය කිරීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනා ණය ගෙවන්න තියන සල්ලි වලින් හොකී පිට්ටනි හදන්න වගේ යන්නේ ?
අනුර කියනවා ඇහුනා ඒ ගොල්ලෝ බලයට ආවොත් ඔතන අයිස් හොකී ගහන්න හදනවා කියලා.