IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ට්‍රක්වල සැඟව හංගේරියා පනින්න හැදූ ලාංකිකයන් මාට්ටු

(විමුක්ති එස් රුද්‍රිගු)

ට්‍රක් රථ දෙකකකින් නීතිවිරෝධී ලෙස හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ දැරූ සංක්‍රමණිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට රොමේනියානු දේශ සීමාවේදී එරට පොලිසිය සමත්ව ඇත.

බංගලාදේශය, ඉරිත්‍රියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ සංක්‍රමණිකයන් 27 දෙනකු රොමේනියාවේ ඇරඩ් නගරයේ දේශ සීමා පොලිසිය විසින් මෙසේ අත් අඩංගුවට ගනු ලැබ ඇත.

නැඩ්ලැක් 1 දේශ සීමා මුරපොළේ දී රොමේනියාවෙන් පිටවීමට පැමිණි ට්‍රක් රථයක් පරික්ෂා කිරීමේදී එහි ගබඩා කර තිබු බඩු අතර තිබූ විශේෂ කුටියක සැඟවී සිටි  විදේශීය සංක්‍රමණිකයන් 17 දෙනකු සොයා ගත් බව රොමේනියානු දේශ සීමා පොලිසිය පවසා තිබේ.එම ට්‍රක් රථයේ රියදුරු රොමේනියානු ජාතිකයකු බවත් එම සංක්‍රමණිකයන් වයස 21 ත් 61ත් අතර පසුවන බංගලාදේශ සහ ඉරිත්‍රියා ජාතිකයන් බවත් රොමේනියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.

තවත් ට්‍රක් රථයක් පරික්ෂා කිරීමේදී හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ කළ තවත් සංක්‍රමණිකයන් 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රොමේනියානු දේශ සීමා පොලිසිය සමත්වී තිබේ.අත් අඩංගුවට ගත් සංක්‍රමණිකයන් වයස 21 ත් 42 ත් අතර වයසේ පසුවන ශ්‍රී ලාංකික සහ පාකිස්තාන ජාතිකයන් බවත් එම ට්‍රක් රථයේ රියදුරු ද රොමේනියානු ජාතිකයකු බවත් රොමේනියානු පොලිසිය පෙන්වා දී ඇත.

මෙම ට්‍රක් රථ දෙකේ රියදුරන් ගෙන් වැඩි දුර ප්‍රශ්න කරන බවත් මෙම ජාවාරම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රොමේනියානු පොලිසිය පවසා තිබේ.  



අදහස් (1)

ට්‍රක්වල සැඟව හංගේරියා පනින්න හැදූ ලාංකිකයන් මාට්ටු

මිලාන් නානසාර Wednesday, 28 December 2022 01:09 PM

ඉතාලි ආවට කමක් නැහැ... නමුත් කුරුණෑගල ඇසිඩ් ජිනේගෙන් පරිස්සම් වෙන්න...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site