(විමුක්ති එස් රුද්‍රිගු)
ට්‍රක් රථ දෙකකකින් නීතිවිරෝධී ලෙස හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ දැරූ සංක්‍රමණිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට රොමේනියානු දේශ සීමාවේදී එරට පොලිසිය සමත්ව ඇත.
බංගලාදේශය, ඉරිත්‍රියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ සංක්‍රමණිකයන් 27 දෙනකු රොමේනියාවේ ඇරඩ් නගරයේ දේශ සීමා පොලිසිය විසින් මෙසේ අත් අඩංගුවට ගනු ලැබ ඇත.
නැඩ්ලැක් 1 දේශ සීමා මුරපොළේ දී රොමේනියාවෙන් පිටවීමට පැමිණි ට්‍රක් රථයක් පරික්ෂා කිරීමේදී එහි ගබඩා කර තිබු බඩු අතර තිබූ විශේෂ කුටියක සැඟවී සිටි විදේශීය සංක්‍රමණිකයන් 17 දෙනකු සොයා ගත් බව රොමේනියානු දේශ සීමා පොලිසිය පවසා තිබේ.එම ට්‍රක් රථයේ රියදුරු රොමේනියානු ජාතිකයකු බවත් එම සංක්‍රමණිකයන් වයස 21 ත් 61ත් අතර පසුවන බංගලාදේශ සහ ඉරිත්‍රියා ජාතිකයන් බවත් රොමේනියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.
තවත් ට්‍රක් රථයක් පරික්ෂා කිරීමේදී හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ කළ තවත් සංක්‍රමණිකයන් 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රොමේනියානු දේශ සීමා පොලිසිය සමත්වී තිබේ.අත් අඩංගුවට ගත් සංක්‍රමණිකයන් වයස 21 ත් 42 ත් අතර වයසේ පසුවන ශ්‍රී ලාංකික සහ පාකිස්තාන ජාතිකයන් බවත් එම ට්‍රක් රථයේ රියදුරු ද රොමේනියානු ජාතිකයකු බවත් රොමේනියානු පොලිසිය පෙන්වා දී ඇත.
මෙම ට්‍රක් රථ දෙකේ රියදුරන් ගෙන් වැඩි දුර ප්‍රශ්න කරන බවත් මෙම ජාවාරම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රොමේනියානු පොලිසිය පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි ආවට කමක් නැහැ... නමුත් කුරුණෑගල ඇසිඩ් ජිනේගෙන් පරිස්සම් වෙන්න...!