IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය සියයට125 කින් නංවයි.

ජුනි මාසය වන විට සියැට් ට්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබෙන බව එම සමාගම සඳහන් කරයි.

ට්‍රක්රථ, ප්‍රයිම් මූවර්ස් සහ බස් රථ සඳහා යොදාගන්නා සියැට් Winmile AW 10.00 R 20 ප්‍රමාණයෙන් යුතු ටයර් නිෂ්පාදනය අදියර දෙකක් යටතේ ඉහළ දමමින් වසරකට ටයර් 18,000 ක නිෂ්පාදන ධාරිතාව ටයර් 40,200 ක් දක්වා වැඩි කරන බව සමාගම සඳහන් කරයි. මෙම නිෂ්පාදනය ඉහළ දැමීමත් සමග මෙම අංශයේ මෙරට ටයර් අවශ්‍යතාවෙන් සියයට42 ක ප්‍රමාණයක් සැපයීමට සියැට් සමත්වනු ඇත.

සියැට් Winmile AW ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ට්‍රක් බස් රේඩියල් ටයරය වන අතර නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට, නිෂ්පාදන පරාසය සහ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීමට, සමාගම විසින් මීට වසර තුනකට පෙර රුපියල් බිලියන 03 ක මුදලක් ආයෝජනය කර තිබේ. සියැට් සමාගමේ ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය 2019 අප්‍රේල් මාසයේ සිට ආරම්භ කළ අතර තවත් ටයර් නිෂ්පාදන යන්ත්‍ර තුනක් සවි කිරීමට සමාගම කටයුතු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා මෙසේ පැවසීය.

‘අපගේ මුල්ම ආයෝජන සැලැස්ම දියත් කරනු ලැබුවේ රජය විසින් තෝරාගත් භාණ්ඩ සඳහා තාවකාලික ආනයන සීමා පැනවීමට පෙරයි. එහෙත් මෙම ආනයන සීමා නිසා වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා එසේ සීමාකර ඇති ටයර් වර්ගවල සහ ප්‍රමාණවල නිෂ්පාදනය ද වැඩි කිරීමට අප අඛණ්ඩව කටයුතු කර තිබෙනවා,’ ‘ට්‍රක් සහ බස්රථ ටයර් ආනයන සීමා මේ වනවිට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙත්, පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට bias-ply සහ TBR ටයර් නිෂ්පාදනය වැඩි කරමින් මෙම අංශයේ ටයර් අවශ්‍යතාව සියයට 100 ක්ම සැපයීමේ හැකියාව සමාගම ලබාගෙන තිබෙනවා. මෙමගින් රටට රුපියල් බිලියන 11 ක පමණ විදේශ විනිමයක් ඉතිරිකර ගත හැකියි. මෙම අංශයේ ටයර් නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරීම මගින් තවත් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි.’

සියැට් සමාගම විසින් මේ ආකාරයෙන් ට්‍රක් බස්රථ රේඩියල් ටයර් නිෂ්පාදනය වැඩි කිරීමට සමගාමීව මෝටර් රථවල 12” සිට 14” දක්වා රිම් ප්‍රමාණ සඳහා වන රේඩියල් ටයර් නිෂ්පාදනය ද වැඩි කිරීමට කටයුතු යොදා ඇත.

 



අදහස් (1)

ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය සියයට125 කින් නංවයි.

Chandika Sunday, 25 April 2021 04:15 PM

මමත් ඒම සමාගමේ සේවකයෙක් වීම ගැන ගොඩක් සතුටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site