
‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය සම්බන්ධයෙන් හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් සිය හඬ අවදි කළේය.
‘ටයිටැනික්’ අධ්‍යක්ෂවරයා ද වන කැමරන් කියා සිටියේ ‘ටයිටන්’ සබ්මැරීනයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ විශේෂඥයන් අනතුරු අඟවා තිබියදී සංචාරකයන් රැගෙන එය මුහුදු පතුලට යැවීම අනුවණ ක්‍රියාවක් බවය.
ජේම්ස් කැමරන් ද දක්ෂ කිමිඳුම්කරුවෙකි. ඔහු 33 වරක්, ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් ඇති ස්ථානයට ගොස් සුන්බුන් ගවේෂණය කළ අයෙකි.
‘1912 වසරේ ටයිටැනික් නැව අවාසනාවන්ත අයුරින් මුහුදේ ගිලී ගියේ නැව ගිල්වන්න බැරි යැයි අවතක්සේරු කළ නිසයි. බොහෝ දෙනා ටයිටැනික් ගැන අනතුරු ඇගෙව්වා. ඒත් කවුරුවත් ගණන් ගත්තේ නැහැ. ටයිටන් සබ්මැරීනයටත් සිදුවුණේ එවැන්නක්’ යැයි කැමරන් පැහැදිලි කර තිබේ.
කැමරන්ගේ ‘ටයිටැනික්’ චිත්‍රපටය තිරගත වූයේ 1997 වසරේදීය. ඊට සැබෑ ටයිටැනික් නැවේ දසුන් භාවිත කළේය. ඒ, කැමරන් මුහුදු පතුලට ගොස් පටිගත කළ ඒවාය. ‘ටයිටැනික්’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ චිත්‍රපටයකි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ටයිටන්’ ගැන ‘ටයිටැනික්’ අධ්‍යක්ෂවරයා හඬ අවදි කරයි