IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ටැන්සානියාවේ සංචාරයට ගිය දෙකකට කොරෝනා

(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

ටැන්සානියාවේ සංචාරයක නිරතව මෙරටට පැමිණි හිමිනමකට සහ තවත් පුද්ගලයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි.

එරට බෞද්ධ සංවිධානයක ඇරයුම මත 30 ක පමණ බෞද්ධ දූත පිරිසක් එරට සංචාරක නිරත වී ඇති අතර ඔවුන් ආපසු ලංකාවට පැමිණීමට පෙර ටැන්සානියාවේ දී පි.සි.ආර්. පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහිදී ඔවුන්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

ඔවුන් කටුනායක ගුවන් තොටුපළේ සිට මහනුවර බලා එමින් සිටියදී කිසියම් ශාරීරික අපහසුතාවක් තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ දී අදාළ හිමිනම රැපිඩ් ඇන්ට්ජන් පරීක්ෂණයකට භාජනය කළ අවස්ථාවේදී එම හිමිනමට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

කොවිඩ් වයිරස ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අනෙක් පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ කුමන වෛරසයක් දැයි හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය.

මෙම කණ්ඩායම සමඟ පැමිණි තවත් පිරිසක් ලංකාවට නොපැමිණ වෙනත් රටවලට පිටව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

ටැන්සානියාවේ සංචාරයට ගිය දෙකකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 803 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site