
ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1 කින් ඉහළ ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසුගියදා ත්‍රිකුණාමලයේ දී සිදුකෙරිණි. 2023 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති මෙම කර්මාන්තශාලාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මගින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ සම්පූර්ණ ස්ථාපිත නිපැයුම් ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 දක්වා ඉහළ නංවනු ඇත.
වසර එකහමාරක් පුරා දිවෙන මෙම සැලසුමට අනුව, ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ටෝකියෝ සුපර්, නිපොන් සිමෙන්ති සහ නිපොන් ප්‍රෝ සිමෙන්ති සන්නාම යටතේ වෙළඳපොළට ගෙනෙන සාමාන්‍ය පොර්ට්ලන්ඩ් සහ සංයෝග කළ ද්‍රාව සිමෙන්ති නිෂ්පාදන පරිමාව වැඩි කෙරෙනු ඇත. ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් සිදුකරනු ලබන ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන මෙහෙයුම් පුළුල් කරවන මෙම ව්‍යාපෘතියෙන් දිනෙන් දින ඉහළ යන දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අවශ්‍යතාවයන් වඩාත් කාර්යක්ෂමව සපුරාලීම සමාගමේ අරමුණයි.
රට තුළම සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් තුළින් සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම උදෙසා දියත් කෙරුනු මෙම දේශීය ආයෝජන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ සමාගම තුළ පමණක් උත්පාදනය වන ඍජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල ගණනට පමණක් සීමා නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd