IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ටික් ටොක් යතුරු පැදි තරඟයක් වටලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීති විරෝධී ලෙස සංවිධානය කරන ලද මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් අටදෙනෙකු යතුරුපැදි පහක් සමඟ  බම්බලපිටිය මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

යතුරු පැදි 500 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු මාර්ගයේ ගමන් ගත් වාහන වලට සහ පදිකයන්ගේ ජීවිත හා දේපලවලට හානි වන ආකාරයෙන් වෙට්ටු දමමින් සහ තනි රෝදයෙන් ධාවනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව ඒකක 6 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක්  එම ප්‍රදේශයේ වටලා සැකකාර තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණයන් ටික් ටොක් සමාජ ජාල හරහා සම්බන්ධ කරගත් සංවිධාකයන් හා මෙහෙයවන පුද්ගලයන් කවුරුන්ද යන්න විමර්ශනවලදී අනාවරණය කරගෙන රථවාහන වැරැද්දකට එහා ගිය අපරාධමය වරදක් ලෙස සලකා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ටික් ටොක් මගින් ඔවුන්ව මෙම ප්‍රදේශයට කැඳවා තිබූ බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 17 හා23 අතර පසුවන බත්තරමුල්ල කිරිබත්ගොඩ පිළියන්දල මොරටුව මඩපාත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

 



අදහස් (1)

ටික් ටොක් යතුරු පැදි තරඟයක් වටලයි

චාමර Monday, 15 May 2023 08:17 AM

මේ ටික් ටොක් මහා වසංගතයක් වෙලා. බම්බලපිටියේ පොලිසියට අපගේ ගෞරවය. මේවා මෙහෙයවන පිරිස තමයි දඬුවම් දෙන්න ඕනේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site