IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට

(නිමල් ප්‍රේමචන්ද්‍ර )

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට   ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.

මෙම අහඹු අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ එම ගම්මානයේ ඩබ්ලිව් .එච්.සිරිපාල නැමැති 62 හැවිරිදි දෙදරු පියෙකි .

මෙම පුද්ගලයා සිය කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටියදී පයලිස්සා බිමට වැටුණ  අවස්ථාවේ ඔහු ඇද සිටි ටී ෂර්ට් එක ගහේ අත්තක පැටලී ගෙල සිරවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පරීක්ෂණ  වලදී අනාවරනයවී ඇත.

ඒ අසලින් ගමන්ගත් කාන්තාවක් මෙම ගොවියාගේ සිරුර මී ගසේ අත්තක එල්ලී තිබෙනු දැක අසල්වැසියන්ට දන්වා පසුව ඔවුන් මේ පිලිබදව පොලිසියට දැනුම්දී තිබේ.  



අදහස් (0)

ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site