(මනෝප්‍රිය ගුණසේකර)

ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම  කළ මාස නවයක බරපතල වැඩ සහිත සිරදඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු  මංජුල තිලකරත්න මහතා අද තහවුරු කළේය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ආගමික සහජීවනයට බාධාකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ දුන්  තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් උන්වහන්සේට දුන් දඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තහවුරු කළේය.