
(රෝෂන් තුෂාර)
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පැවරූ නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනි දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (26)නියෝග කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කර ඇති චෝදනාව සනාථ කිරීම සඳහා වන සාක්ෂි ඉදිරිපත් ව නොමැති හෙයින් විත්තිකරු නිදහස් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි අල්විස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය පෙනී සිටියේය
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 14 වැනි දින තීන්දුව ලබාදෙන බව නියෝග කළේය.
COMMENTS
බරපතල වැඩ සහිතව ජීවිතාන්තය තෙක් සිරකර තැබුවොත් මේ රටට විශාල මෙහෙයක් ඉටුවෙයි... මොහු ලාංකික සමාජය තුළ අන්තවාදී අදහස් පතුරුවමින් මේ රටේ ජාතික සංහිඳියාවට විශාල හානියක් කළා... ඒ වගේම බුද්ධ ශාසනයේ ගෞරවයට විශාල හානියක් කළා... මෙවැනි චීවරධාරීන් තව කිහිප දෙනෙක් සිටිනවා. ඔවුන් පිළිබඳවත් නිසි නීතිමය පියවරක් ගත යුතුයි.
කතා කරන විදිය හැසිරෙන විදිය වැරදි ඇති නමුත් හාමුදුරුවෝ කියපු දේවල් පුළුවන් ද බොරු කියලා කියන්න
බන්ධනාගාර නිලධාරී මහතුන් හාම්දුඋර්වන් වහන්සේ කියනදේ විශ්වාසයෙන් අහගෙන ඉන්නවා පොලිස් මහත්තයා මේ කියන්නේ ඇත්තද කියලා නිකමට ඇත තියන් අහගෙන ඉන්නවා