(යොහාන් භාසුර)
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම බන්ධනාගාර රෝහලට අද (29) ඇතුළත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
ඥානසාර හිමියන් පපුවේ අමාරුවකින් පෙළන්නේ යැයි දැනුම්දීමෙන් පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ඊයේ (28) මෙම දඩුවම නියම කළ අතර ඥානසාර හිමියන්ව ඊයේ පස්වරු 2.00 ට පමණ වැලිකඩ බන්ධනාගරයට රැගෙන ආවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ෆොන්සේකා මහත්තයාට විතරයි කෙළින් හිටියේ...!
සාෆි දොස්තර මහත්තයාට කිව්වා නම් බෙහෙත් දෙනවා.
අනේ අපුච්චේ... පවුකර ගත්තා මදිද, තව බොරු කියන්නේ.., අපි වැලිකඩටත් සංහිඳියා කාර්යාලයක් දාලා දෙමු... මයේ පුතා. එතකොට ඔය කාන්සිය ටිකක් අකා මකා යයි...
දිට්ඨධම්ම වේදනීය කර්මය මේකම නේද? උතුම් චීවරය දරාගත් මිනිසුන් අතර ඒ චීවරයේ ගරුත්වය කෙලසන, චීවරයට නොසුදුසු අය සිටිනවා. මේ එවන් අයෙක්. තමන් පැවිදි වුණු අරමුණ පැත්තකින් තියලා සීමාවක් නැතිව කඩේ යාමේ ප්‍රතිඵල සිරගෙදර. ගෝඨාභයගේ බලයෙන් ඔළුව උදුම්මාගෙන රටේ නීතිය අතට අරන් වැටක් නැති කට ඇරීමේ ප්‍රතිඵලයද මෙයයි...!
වෙන ජාතීන් රටෙන් යවන්න ප්ලෑන් කළේ...
බෞද්ධයිනි, එක්වවු...!
ඔබ වහන්සේ රටේ එම අන්තවාදය ගැන රටට බෙරිහන්දීලා කියපු දේ පාලකයින් ඇහුවා නම් අදත් 249 ජීවත් වෙනවා. ඔබ වහන්සේට ඉක්මණින් නිදහස වෙනුවෙන් අපි කැපවෙන්නමු, දීර්ඝායුෂ වේවා...!
බුදුදහමට අපහාස කරපු ජෙරම්ට නීතිය කෝ? ඒවාට මොකද වුනේ...?