(යොහාන් භාසුර)
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම බන්ධනාගාර රෝහලට අද (29) ඇතුළත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
ඥානසාර හිමියන් පපුවේ අමාරුවකින් පෙළන්නේ යැයි දැනුම්දීමෙන් පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ඊයේ (28) මෙම දඩුවම නියම කළ අතර ඥානසාර හිමියන්ව ඊයේ පස්වරු 2.00 ට පමණ වැලිකඩ බන්ධනාගරයට රැගෙන ආවේය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට
Prabha Friday, 29 March 2024 08:55 PM
අර ෆොන්සේකා මහත්තයාට විතරයි කෙළින් හිටියේ...!
chandima Friday, 29 March 2024 09:02 PM
සාෆි දොස්තර මහත්තයාට කිව්වා නම් බෙහෙත් දෙනවා.
anuranga Friday, 29 March 2024 10:00 PM
අනේ අපුච්චේ... පවුකර ගත්තා මදිද, තව බොරු කියන්නේ.., අපි වැලිකඩටත් සංහිඳියා කාර්යාලයක් දාලා දෙමු... මයේ පුතා. එතකොට ඔය කාන්සිය ටිකක් අකා මකා යයි...
Buddika Saturday, 30 March 2024 08:07 AM
දිට්ඨධම්ම වේදනීය කර්මය මේකම නේද? උතුම් චීවරය දරාගත් මිනිසුන් අතර ඒ චීවරයේ ගරුත්වය කෙලසන, චීවරයට නොසුදුසු අය සිටිනවා. මේ එවන් අයෙක්. තමන් පැවිදි වුණු අරමුණ පැත්තකින් තියලා සීමාවක් නැතිව කඩේ යාමේ ප්‍රතිඵල සිරගෙදර. ගෝඨාභයගේ බලයෙන් ඔළුව උදුම්මාගෙන රටේ නීතිය අතට අරන් වැටක් නැති කට ඇරීමේ ප්‍රතිඵලයද මෙයයි...!
නිහාල් Saturday, 30 March 2024 08:45 AM
වෙන ජාතීන් රටෙන් යවන්න ප්ලෑන් කළේ...
බවුද්ද නිංජා Saturday, 30 March 2024 11:24 AM
බෞද්ධයිනි, එක්වවු...!
BuddikaSaturday, 30 March 2024 01:16 PM
ඔව්, එක්වීම හොඳයි.. මහානායකවරු කොතෙක් හිටියත් නායකත්වයක් නැති නායකකම් වැඩක් නෑ. තව කෙනෙක් බුදු දහම විකෘති කරනවා අර මැල්සිරිපුර පැත්තේ. ඒත් බලධාරින් නිදි...
Nihal Saturday, 30 March 2024 09:52 PM
ඔබ වහන්සේ රටේ එම අන්තවාදය ගැන රටට බෙරිහන්දීලා කියපු දේ පාලකයින් ඇහුවා නම් අදත් 249 ජීවත් වෙනවා. ඔබ වහන්සේට ඉක්මණින් නිදහස වෙනුවෙන් අපි කැපවෙන්නමු, දීර්ඝායුෂ වේවා...!
Asanga samantha Sunday, 31 March 2024 10:53 AM
බුදුදහමට අපහාස කරපු ජෙරම්ට නීතිය කෝ? ඒවාට මොකද වුනේ...?