(සුමිත් පොතුපිටිය)
පානදුර මූලික රෝහලෙ දී මියගිය පුද්ගලයකුගේ සිරුර ඥාතීන්ට බාර දුන් පසු ලැබුණු පී.සී.ආර් වාර්තාවට අනුව මියගිය අය කොරෝනා ආසාදිත බවට අනාවරණය වීම නිසා සිරුර එම්බාම් කරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ නැවත ගොස් රෝහලට රැගෙන ගියහ.
මෙසේ රැගෙනවිත් ඇත්තේ පානදුර , කෙසෙල්වත්ත , ගොරකාන ප්‍රදේශයේ පදිංචිව සිටී 65 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් බව පැවසේ .
අදාල කාන්තාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර , රෝහලේ දී මියයාමෙන් පසු අද ඥාතීන්ට මුදාහැර තිබේ.
පීසීආර් වාර්තාව ලැබීමෙන් අනතුරුව ඇයට කොවීඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව දැන බන්ඩාරගම මල් ශාලාවක් වෙත රැගෙන ගොස් සිටි මළසිරුර නැවත රැගෙන ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd