(රෝෂන් තුෂාර)
ජින්තුපිටියේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රාජකාරිය පැහැර හැරියේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා නියෝග කළේය.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී රාජකාරිය පැහැර හරිමින් බියගුළුව සිටීම යන චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ කළ ඉල්ලීම ප්රතික්ෂේප කළ මහේස්ත්රාත්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්රබල කාරණාවක් පැමිණිල්ල මගින් ඉදිරිපත් කර නොමැති බවද පෙන්වා දුන්නේය.
ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් මෙසේ අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරියේය.
සැකකරුවන්ට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප එක බැගින් නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd