
(අංජුල මහික වීරරත්න)
2026 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල් වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
2026 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය 2026.03.31 දිනැතිව 09/2026 චක්‍රලේඛය ප්‍රකාරව මෙම බඳවා ගැනීම් කරයි.
ඒ අනුව, 2026.01.31 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු මේ සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.
එම පුරප්පාඩු සඳහා අයැදුම් කිරීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන් 09/2026 චක්‍රලේඛයෙහි සඳහන් අයැදුම්පත්‍රය සම්පූර්ණ කර 2026.04.27 දිනට පෙර සියලු අතිරේක ලේඛන ද සමග අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd