
(දයාරත්න ඇඹෝගම)
ජීවන වියදම පහත දමන ලෙස ඉල්ලා ජාතික ජනබල වේගය පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අනුරාධපුර,ශ්‍රාවස්තිපුර හන්දියේදි පැවැත්වුණි.
ජාතික ජනබල වේගයේ පාක්ෂිකයන් හා ශ්‍රාවස්තිපුර ප්‍රදේශවාසින් රැසක් පන්දම් දල්වා ගෙන භාණ්ඩ මිල අඩුකරන ලෙසත්,පාසල් උපකරණ මිල පහත දමන ලෙසත් සමාජ මාධ්‍ය පනත හකුලා ගන්නා ලෙසත් රජයට බල කරමින් දිර්ඝ වේලාවක් සාමකාමි උද්ඝෝෂණයක නිරත වුහ.
වැට් බදු වැඩි කරමින් ජනතාවට ඔරොත්තු නොදෙන ආකාරයට ජීවන වියදම ඉහළ දැමු මෙම ජන පීඩන ආණ්ඩුව පලවා හැරිය යුතු බව මෙම උද්ඝෝෂණයේදි අදහස් දක්වමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ ජාතික ජනබල වේගයේ අනුරාධපුර නැගෙනහිර සංවිධායක කුමුදු ප්‍රියන්ත මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහණ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ පූර්ණ සමාජ වාදය වෙනුවෙන් නැවත පෙරට එමු - JVP අපි
ජනතාවගේ දුක තේරුම් ගන්න පුළුවන් නායකත්වයක් තියෙන්නේ මාලිමාවේ විතරයි.
ජනතාවනි, මාලිමාව වටා රොක් වෙමු. හොරු පන්නමු.
තොපිට ලැබිල තියන අන්තිම අවස්තාව එන ජනාධිපතිවරණයයි.හදවතින් නැතුව මොලේ කල්පනා කරලා චන්දෙ දීපල්ලා .එහෙම නැතුව මේ පාරත් අන්ධ ලෙස වැඩ කරලා වැඩේ අනාගත්තොත් වැඩ වර්ජන ,උද්ඝෝෂණ ,පෙළපාලි තියන්නයි ,අරවා මෙහෙමයි මේවා මෙහෙමයි කියලා හමිනෙන්න හදන්නත් එපා.
අනේ මෙහෙමත් මෝඩයෝ රැලක් කියන්න ඕනෑ පන්දම් විලක්කු දල්වා ගත්තාම අවට වායුගෝලය තවත් රත්වෙනවා.. එතකොට ඉහළ ගිය දෙයක් තියෙනවා නම් තවතවත් ඉහළම යනවා මිස පහළට එන්නේ නම් නැහැ. ඉතින් පන්දම් විලක්කු ඇල්ලුවා කියලා ජීවන වියදම් අඩුවෙන්නෙත් නැහැ කරන්න ඕනෑ නිෂ්පාදනය වැඩිකිරීම තමයි. නිෂ්පාදනය වැඩිකරන්න උද්ඝෝෂණය කරලා. පන්දම් අල්ලලා කියව කියවා ඉඳලා සියල්ලම රජයෙන්ම දෙනතුරු බලාගෙන ඉඳලා බැහැ... අතපය වෙහෙසා වැඩ කරන්න ඕනෑ... මොවුන්ගේ ඉල්ලීම හරියට උස කන්දක් නගින්න ගිහිල්ලා නගින්න අමාරුයි.. කඳුමුදුන පහළට ගෙනෙව් ගෙනෙව් කියනවා වගේම වැඩක් තමයි...