(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉදිරි සති දෙක ඇතුලත ඉන්දියාව ලොකු ලූනු අපනයන සීමා ලිහිල් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ලොකු ලූනු මිල අඩුවන බව ද අමාත්‍ය වරයා පැවසීය.
ඉන්දියාව ලූනූ අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය මෙරටට ද බලපා තිබූ බවද අමාත්‍යවරයා කීය.
පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීමට හැකි වූ බවද වෙළෙඳ අමාත්‍යවරයා කීය.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd