(ඩී.ජී.සුගතපාල)

හික්කඩුව වෙරල තිරයේ ජීවිතාරක්ෂක පුහුණුවිම්වල යෙදි සිටි නාවික හමුදා නිලධාරියකු අද සවස දියේ ගිලි මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

මෙසේ දියේ ගිලි මියගොස් ඇත්තේ වත්තල දික්ඕවිට නාවික හමුදා කඳවුර් සේවය කරන දොඩන්දුව පදිංචි 32 හැවිරිදි නාවික හමුදා නිලධාරියෙකි.

බලපිටිය නාවික හමුදා පුහුණු පාසල මගින් නාවික හමුදා නිලධාරින් 30ක් සඳහා හික්කඩුව පන්නම්ගොඩ වෙරලතිරයේදි ජිවිතාරක්ෂක පුහුණු පාඨමාලාවක් පවත්වා ඇති අතර මියගිය අයද එයට සහභාගිවි ඇත. එහිදි මෙම නිලධාරියා දියේ ගිලි ඇති අතර පසුව බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.