IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජීවිතේ අනතුරේ හෙළා අලි බලති

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල-හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා වන අලි මාරුවෙමින් සිටියද, ඔවුන් නැරඹීමට වන අලින් ආසන්නයේ වාහන නවතාගෙන සිටීමෙන් සහ අලි සමීපයට ගොස් ඡායාරූප ගැනීමෙන් වළකින්නැයි වනජීවී නිලධාරීහු  මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
 
මෙම ස්ථානයේ දී අවස්ථා ගණනාවකදී ම අලි පහර දීමෙන් මිනිසුන් මිය ගිය බවද, වාහන කිහිපයකට වන අලින් පහර දී විනාශ කර දැමූ බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
 
ප්‍රධාන මාර්ගය හරහා ගමන් කිරීමේ දී අනතුරු දැන්වීම් සහ රක්ෂිත දෙපස දැන්වීම් පුවරු රැසක් සවිකර තිබුණු බවත්, ඒවා මේ වන විටත් ඇතැම් පුද්ගලයන් කඩා බිඳ දමන බවත් ඔවුහු පවසති.
 
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සහ ආහාර හිඟය නිසා නිරන්තරයෙන්  දිගම්පතහ රක්ෂිතය සිටින වන අලින් ප්‍රධාන මාර්ගය හරහා දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ගමන් කරන බවද ඔවුහු කියාසිටිති.
 
කොතෙක් දැනුවත් කළ ද ප්‍රධාන මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනා තම ජීවිත මෙන්ම තම දරුවන්ගේ ජීවිත ද දැඩි අනතුරට ලක් කරමින් ප්‍රධාන මාර්ගයේ සිටින සහ ගමන් කරන වන අලින් ආසන්නයට ගොස් නැරඹීම ද ඡායාරූප ගැනීම ද අවදානම් සහගත බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
 
(ඡායාරූප -  දඹුල්ල දිගම්පතහා ‍ ප්‍රදේශයේ දී ප්‍රධානය මාර්ගය හරහා වන අලියෙකු මාරුවෙමින් සිටියදී, මෝටර් රථයකින් කුඩා දරුවන් තිදෙනෙකු ද සමග පැමිණි පිරිසක් ඉතා අනාරක්ෂිත ලෙස මෙම වන අලියා ආසන්නයේ රැඳී සිටිමින් වන අලි නරඹන ආකාරය)



අදහස් (7)

ජීවිතේ අනතුරේ හෙළා අලි බලති

Nandalal DE SILVA - France Monday, 14 September 2020 06:42 AM

අලියා වනාහි ඉතාම අහිංසක සත්වයෙකි. අපි අලියාට හිරිහැර නොකළොත්, අලියාගෙන් අපට කරදරයක් නැත. යන මතයේ සිට අලි බලන්න එන අය දිනෙන් දින වැඩිවේගෙන එනවද? එහෙම නැතිනම් මෙවර නුවර දළදා පෙරහැරේදී අලි බලන්න නොලැබුණු අය මෙසේ අලි නැරඹීම සඳහා එනවාද කියා විමසා බැලිය යුතු වෙනවා.

:       27       85

ආනන්ද පිටබැද්දර Monday, 14 September 2020 06:42 AM

අම්මපා මේ මිනිස්සුන්ට මොලයක් නැද්ද? පොඩි ළමයිත් එක්ක මොනතරම් අවදානමක්ද? කරුමෙටවත් එන්ජිම හිටියොත් මොකද වෙන්නේ..? අන්තිමට වැරදි වෙන්නේ පිපාසයට දිය බොන්න යන අලි...

:       1       156

kamalTuesday, 15 September 2020 04:12 AM

ආනන්ද මහත්තයෝ, අලියා ගැහුවත් එන්ජිම නවතින්නේ නැහැ... මේවා ජර්මන් කාර්එකක්...

:       7       27

Nandalal DE SILVA - France Monday, 14 September 2020 06:45 AM

මෙවර මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ අලින්ගෙන් දැන් අපිට හිරිහැරයක් නැත. පැරදුණු අලි රංචුව බලන්න මහජනයා එනවා ඇති.

:       23       170

Champa Monday, 14 September 2020 08:56 AM

ඊට පස්සේ අලියා ගැහැව්වහම අලියට බනිනවා. අලි මිනිස්සු මරනවා කියලා, අලි අල්ලන්න කියනවා. කුඩා දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලමින් වෙන රටක මෙහෙම කළා නම්, මේ වාහනේ ඉන්න දෙමව්පියන් අල්ලලා හිරේ දානවා...

:       1       10

බිමල් ස්වර්ණහංස Monday, 14 September 2020 12:42 PM

හුඩ් එක අැරපු බෙන්ස් කාරයක හිඳ මෙහෙම අලි බලන්න මේ අය මොනතරම් වාසනාවන්ත ඇද්ද?

:       74       4

jayasekaraTuesday, 15 September 2020 06:16 AM

සල්ලි තිබුණාට... සැප වාහන ගත්තාට.. සල්ලිවලට මොලේ ගන්න බැහැනේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site