


(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල-හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා වන අලි මාරුවෙමින් සිටියද, ඔවුන් නැරඹීමට වන අලින් ආසන්නයේ වාහන නවතාගෙන සිටීමෙන් සහ අලි සමීපයට ගොස් ඡායාරූප ගැනීමෙන් වළකින්නැයි වනජීවී නිලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
මෙම ස්ථානයේ දී අවස්ථා ගණනාවකදී ම අලි පහර දීමෙන් මිනිසුන් මිය ගිය බවද, වාහන කිහිපයකට වන අලින් පහර දී විනාශ කර දැමූ බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
ප්‍රධාන මාර්ගය හරහා ගමන් කිරීමේ දී අනතුරු දැන්වීම් සහ රක්ෂිත දෙපස දැන්වීම් පුවරු රැසක් සවිකර තිබුණු බවත්, ඒවා මේ වන විටත් ඇතැම් පුද්ගලයන් කඩා බිඳ දමන බවත් ඔවුහු පවසති.
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සහ ආහාර හිඟය නිසා නිරන්තරයෙන් දිගම්පතහ රක්ෂිතය සිටින වන අලින් ප්‍රධාන මාර්ගය හරහා දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ගමන් කරන බවද ඔවුහු කියාසිටිති.
කොතෙක් දැනුවත් කළ ද ප්‍රධාන මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනා තම ජීවිත මෙන්ම තම දරුවන්ගේ ජීවිත ද දැඩි අනතුරට ලක් කරමින් ප්‍රධාන මාර්ගයේ සිටින සහ ගමන් කරන වන අලින් ආසන්නයට ගොස් නැරඹීම ද ඡායාරූප ගැනීම ද අවදානම් සහගත බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
(ඡායාරූප - දඹුල්ල දිගම්පතහා ප්‍රදේශයේ දී ප්‍රධානය මාර්ගය හරහා වන අලියෙකු මාරුවෙමින් සිටියදී, මෝටර් රථයකින් කුඩා දරුවන් තිදෙනෙකු ද සමග පැමිණි පිරිසක් ඉතා අනාරක්ෂිත ලෙස මෙම වන අලියා ආසන්නයේ රැඳී සිටිමින් වන අලි නරඹන ආකාරය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා වනාහි ඉතාම අහිංසක සත්වයෙකි. අපි අලියාට හිරිහැර නොකළොත්, අලියාගෙන් අපට කරදරයක් නැත. යන මතයේ සිට අලි බලන්න එන අය දිනෙන් දින වැඩිවේගෙන එනවද? එහෙම නැතිනම් මෙවර නුවර දළදා පෙරහැරේදී අලි බලන්න නොලැබුණු අය මෙසේ අලි නැරඹීම සඳහා එනවාද කියා විමසා බැලිය යුතු වෙනවා.
අම්මපා මේ මිනිස්සුන්ට මොලයක් නැද්ද? පොඩි ළමයිත් එක්ක මොනතරම් අවදානමක්ද? කරුමෙටවත් එන්ජිම හිටියොත් මොකද වෙන්නේ..? අන්තිමට වැරදි වෙන්නේ පිපාසයට දිය බොන්න යන අලි...
මෙවර මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ අලින්ගෙන් දැන් අපිට හිරිහැරයක් නැත. පැරදුණු අලි රංචුව බලන්න මහජනයා එනවා ඇති.
ඊට පස්සේ අලියා ගැහැව්වහම අලියට බනිනවා. අලි මිනිස්සු මරනවා කියලා, අලි අල්ලන්න කියනවා. කුඩා දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලමින් වෙන රටක මෙහෙම කළා නම්, මේ වාහනේ ඉන්න දෙමව්පියන් අල්ලලා හිරේ දානවා...
හුඩ් එක අැරපු බෙන්ස් කාරයක හිඳ මෙහෙම අලි බලන්න මේ අය මොනතරම් වාසනාවන්ත ඇද්ද?