(දිලීප් ජයසේකර)
මහගේ ඉඩමක් නොදුන්නැයි උරණ වි 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරිම හා රාජකාරියට ගිය පොලිස් නිළධාරීන්ට ද බාධා කර සාපරාධී බහත්කාරය පෑ දොස්තර මුණුබුරෙක් තිස්සමහාරාම පොලිසිය විසින් පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව මුලික රෝහලේ බාහිර රෝගි අංශයේ කටයුතු කරන වෛද්‍යවරයෙකි.
සැකකාර වෛද්‍යවරයා ඉඩම් ආරවුලක් මුල්කරගනිමින් සිය 93 හැවිරිදි මිත්තණියට (දොස්තරගේ මවගේ මවට) පහරදී තුවාල සිදුකර තිබේ. එහිදි දොස්තර මුණුබුරාගෙන් පහර කෑ මිත්තණිය තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව ප්‍රථිකාර සදහා දෙබරවැව මුලික රෝහලට ඇතුලත් වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලද ලැමිණිල්ලට අනුව විමර්ෂණ කටයුතු සදහා තිස්සමහාරාම පොලිස් කණ්ඩායමක් සැකකාර වෛද්‍යවරයාගේ නිවසට ගොස් තිබේ.
එහිදි අදාල වෛද්‍යවරයා පැමිණිල්ල විමර්ෂණය කිරිමට ගිය පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පා තිබේ.
පොලිස් නිළධාරීන්ට දිගින් දිගටම පරුෂ වචනයෙන් බැන වැද බළහත්කාරය පෑම හා 93 හැවිරිදි මිත්තණියට පහරදිම යන චෝදනා මත සැකකාර වෛද්‍ය වරයා තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණ, දහමින් තොර අධ්‍යයනයේ ප්‍රතිඵල තමයි මේ. මේ වෛද්‍යවරයාගේ දෙමව්පියෝ පරෙස්සමින් ඉන්න. ඔබතුමන්ලාට ඉදිරියේදී මහළු නිවාසයකට යන්න සූදානමින් ඉන්න. මානුෂීය ගුණ පළමුවෙන් උගන්නන්න දරුවන්ට පාසලින් නැත්නම් ගෙදරින්...
ලංකාවේ ඉන්න දොස්තරලාගෙන් කොටසක් මාෆියා කාරයින් බව නොදන්නේ කවුද?
දොස්තරය වුණාට පහත් ගති නැතිවෙන්නේ නැහැ. තෙලෙන් බැද්දත් කොබෙයියා, කොබෙයියාම තමයි...
දෙවිවරු වගේ දොස්තරලා හිටියේ ඉස්සර... දැන් ඉන්න දොස්තරලාගෙන් බහුතරයක් ඉන්නේ චැනල් කාක්කෝ... ශයිලොක්ලා...
ඈ බොල, ආච්චිට, මුණුබුරාට කලින් තවත් අය ඉන්නවා. ඒ අම්මා, තාත්තා, මාමලා, නැන්දලා... දැන් ඔබට කොහොමත් මහ ගේ ලැබෙන්නේ නැහැ..