






(ක.ග. කරුණාරත්න)
මහවැසි හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය පුදබිම අඩි 7ක් පමණ ජලයෙන් යටවී ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.
සෝමාවති සෑ මළුව අඩි 3ක පමණ ජලයෙන් යටවී ඇති බවද, සංඝාවාස ඇතුළු සියලු ගොඩනැගිලි අඩි 4කට වඩා වැඩි මට්ටමකින් ජලයෙන් යටවී ඇති බවද විහාරවාසී හිමිවරු පැවසූහ.
සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කෙරෙන බුද්ධ පූජා, ගිලන්පස පූජා ආදී ආගමික වතාවත් නොකඩවා සිදුකරන බවද, බෝට්ටුවක ආධාරයෙන් එම පූජා භාණ්ඩ චෛත්‍යය වෙත වැඩම කරවන බවද හිමිවරු සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු !!! බුදුපියාණන්වහන්සේගේ අසමසම පාරමිතා බලය... කුමන ආපදා තත්ත්වයක වුවද පිදුම් ලාබන අනන්ත බුදුගුණවල අසිරිය...
"දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ..."
වතුරේ බැහැගෙන මේ අයගේ අන්ධ භක්තිය නේද පෙන්වන්නේ...?
ජලයෙන් යට උනත් වැඳුම් පිදුම් කල යතුය. එනමුත් ජලය බැස ගියාම නැවත අමතක වෙන්නට පෙර. අර කුඹුරු අස්වද්දන තරුණයන් සමග එකතුවී ජල බස්නා මාර්ග සහ වැව් අමුනුටික පිරිසිදු කරලා මම අපතේ යන ජලය රඳවා ගන්නට සාකච්චාවක් පටන් ගන්න. නැතිනම් ලබන අවුරුද්දෙත් මේ ටිකම වෙයි.
වැලේ වැල් නැතුව ඉන්න සමහරුන්ට ආගමක් දහමක් නැහැ.
වතුරේ නොබැසත් පන්සිල් පද පහ රැකගෙන පින්වත් බෞද්ධයෙක් වෙන්න පුළුවන්. හැබැයි එකේ ගතියක්, පන්ච් එකක්, ෂෝ එකක් නැහැ .
පෘතුගීසීන්, ලන්දේසින්, ඉංග්‍රීසින් එන්න ඉස්සෙල්ලා මේ රටේ සෑම සිංහලයෙක්ම බෞද්ධ... බුද්ධාගමට ගරහන්න පටන් ගත්තේ පටු ආර්ථිකමය හෝ වෙනත් ලාභ තකා පරගැති ආගම් බදාගත්ත අබෞද්ධයන් සහ අසිංහලයන්. බෞද්ධයෙක් කවදාවත් අන්‍ය ආගම්වලට ගරහන්නේ නැහැ. සිංහල අබෞද්ධයන් හඳුනාගන්න හරිම පහසු ඒකයි. පහුගිය කාලේ මොවුන් ලංකාව අනාගමික කරන්න සෑහෙන්න මහන්සි වුණා. නමුත් වෙන කවරදාකවත් නැතුව සිංහල බෞද්ධයන් ඊට එරෙහිව නැගී හිටිය නිසා කරන්න හදපු දේ බැරිවුණා. අපට බුද්ධාගම ගැන බණ කියන සමහරුන් කියලා තියෙන දේවලට හිනායනවා. එක අයෙක් කියනවා බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ සුර ලොව යන්නලු. බුදුහාමුදුරුවෝ නම් සුර ලොව යන්න කිව්වේ නැහැ. සිමෙන්ති සහ ගල්පිළිම වලට වඳිනවා කියන්නේ මොකක්ද මම නම් දන්නේ නැහැ. ආගමික සංකේත හැම ආගමකටම පොදුයි. ආගමික සංකේත අවශ්‍ය වුනේ ලෝකය පුරා එකම ආගම අදහන මිනිස්සුන්ගේ එකමුතුකම දැක්වීම සඳහා සහ ඔවුන්ගේ ආගම වෙනත් ආගම් වලින් වෙන් කරලා පෙන්වීම සඳහායි... බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩම කරපු තුන් වතාවෙම තමන් වහන්සේ වන්දනාමාන කරන්න සිහිවටන දීලා තියෙනවා. එම සිහිවටන අදටත් රැකිලා තියෙන්නේ ඒ ආශ්‍රිතව ගොඩ නැංවුණු මහා නිර්මාණයන් නිසා...
අපේ හෙළ ශිෂ්ඨාචාරය ඔපනැංවුණේ බුදුදහමේ ආභාෂය නිසා... අපේ ඉපැරණි දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රමයන් හැඩ ගැන්වුණේ බුදුදහම අනුව. අපේ රටට සියලු දුසිරිත් අරන් ආවේ විජය හොරාගේ පටන් පෘතුගීසීන්, ලන්දේසින්, ඉංග්‍රීසින්. ඔවුන්ගේ ගැත්තන් නිසා අදත් මේ රට දුසිරිත්වලින් පිරිලා. ලංකාවේ සිංහලයන් වර්ග දෙකක් ඉන්නවා. එක කොටසක්, ඒ කියන්නේ සියයට 99%ක් අපේ හෙළ ශිෂ්ඨාචාරයේ උපත සංකේතවත් කරන මහා රාවණා රජ්ජුරුවන් අයත් යක්ෂ ජනවර්ගයෙන් පැවතෙන සිංහලයන්. අනිත් කොටස - රටේ ජනගහනයෙන් 1% ක පිරිසක් පැවතෙන්නේ විජය හොරාගෙන්. රටේ විනාශයට මුල් වෙලා තියෙන්නේ මේ 1% පිරිස. මෙතන සෝමාවතී සෑය වන්දනා කරන බැතිමතුන්ට ගරහලා තියෙන්නේ විජය හොරාගෙන් පැවතෙන් සිංහලයන්... බුදු දහම සහ බුද්ධාගම කියන්නේ දෙකක් බව මොවුන් දන්නේ නැහැ. බුදුදහම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල සංකීරණ, ගැඹුරු ධර්මය. බුද්ධාගම කියන්නේ ඒ ධර්මය ප්‍රයෝගික ජීවිතයට අනුයුක්ත කිරීම. බෞද්ධයන් කියන්නේ ධර්මයේ ප්‍රයෝගික පැත්ත අනුගමනය කරන පිරිස. අබෞද්ධයන් මේක දන්නේ නැහැ. එවැන්නන්ට අනුකම්පා කරන ගමන් අපි අපිට කැමති ආගමක් අපිට කැමති විදිහට අදහන්න තියෙන අයිතිය ආරක්ෂා කරගත යුතුය.