(රංජන් කස්තුරි )

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව සුනඛ වන්ධ්‍යාකරණය සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් අමිල සතරසිංහ මහතා පැවසීය.

එම වැඩසටහන් මිල්ලනිය,රත්නපුර පශු වෛද්‍ය රෝහල, කෑගල්ල පශු වෛද්‍ය කාර්යාලය, කිරිවත්තුඩුව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානවල පැවැත්විණි.

වගකීම් සහිත සුරතල් සතුන්ගේ හිමිකාරීත්වය සහ නගර ආශ්‍රිත වන ජීවින් පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීම සත්ව පාලන වැඩසටහන් රැසක් එහිදී ක්‍රියාත්මක කළ බවද සභාපතිවරයා කීවේය.