
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පළමු ‘ජල බැටරිය’ වන ‘මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය’ ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.
මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩාකර, ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයන බව ඒ මහතා කීය.
2030 වන විට විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සපුරාගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බවත් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බලශක්තිය කරා යන පරිවර්තනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර, වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගැනීම එහි ඉලක්කය බවත් ධම්මික විමලරත්න මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ජලය ගබඩා කරන්න විශාල ජලාශ අවශ්‍ය වෙන්නෙ නැහැ. දවසකට දෙකකට පහළට ගලාගෙන ගොස් අවසන්වෙන ප්‍රමාණයක් තිබුනොත් ඇති. මෙහෙම කලොත් සුර්යාගෙ අසීමිත බලය අපට සාර්ථක ලෙස කළමණාකරණය කරන්න පුළුවන්.
මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද?
අපි ඉන්න කැලිෆෝර්නියා පුරාන්තයෙ මැද තිබෙන තැනිතලා බිමේ සූර්ය කෝෂවල බලය එකතු කරන්නෙ බැටරිවලයි. එපමණක් නොව සුලං විදුලිය සඳහා එම බැටරි යොදනවා. ලංකාවෙ සිටින මෝඩයන්ට මේක වටහාගන්න බැරිව ඇති.
ඔය හැම බැටරි වර්ගයක්ම පරියේෂණ තත්ත්වයේ? ගොන් වැඩ කරලා රට තවත් බංකොලොත් කරාවි! ඇයි හඳට ගිහිං අවුරදු 50කට නොගියේ? මුදල්!