( බී.ජී.චතුරංග )

කලා වැවේ සිට වාරි ජලය මුදා හැරෙන ජය  ගඟේ  සොරොව්වක, යන්ත්‍ර  ක්‍රියාකරු ලෙස (ජල පාලක) ලෙස කටයුතු කල පුද්ගලයෙකු රාත්‍රියේ දීයේ  දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව එප්පාවල පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට  පත්ව ඇත්තේ, අංක 9, නල්ලමුදාව පාර, බටහිර ඇඳගල, එප්පාවල  ලිපිනයේ පදිංචිව සිටි  වී. ගමගේ ධර්මසේන නැමති 53 හැවිරිදි විවාහකයෙකි.

මොහු, එම ස්ථානයේ පාලම අසල වැවී තිබූ කුණු රොඩු කැබලි ඉවත් කිරීමට යාමේදී ජය ගඟට වැටී ඇති බවට සැක කරන බවත්, එම පාලම ආසන්නයේ තිබී මරණ කරුට අයත් යතුරු පැදිය සහ පාවහන් යුගල හමුවූ බවද පොලිසිය සඳහන් කළේය.

මරණකරුගේ පුතෙකු  විසින් සිදු කල පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කල බව පොලිසිය සඳහන් කළේය.මරණකරු මහවැලි අධිකාරියට අයත් ජය ගඟේ  එප්පාවල ප්‍රදේශයේ පිහිටි, කිරි අමුණුකොලේ පාලම ඇති ස්ථානයේ පිහිටි  සොරොව්වේ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස සේවය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය කියයි.