(රන්ජන් කටුගම්පොළ)
බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කරන කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සහ ඔහුගේ බිරිඳ සන්තකයේ ඇති රුපියල් කෝටි 1226 ක මුදල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ පැවැත්වීම රහස් පොලිසිය නවතා ඇති බවට දැනගන්ට ලැබීම විමතියට කරුණක් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය
නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදු කළේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා රිමාන්ඩ් භාරයට පත් කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණය විනිසුරු ඩී.එන් සමරකෝන් මහතා හමුවේ සලකා බැලිනි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද වික්‍රම මහතා කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
අභියාචනාධිකරණයේ පටිපාටිය අනුව විනිසුරුවරුන් දෙදෙනෙක් නම්කර සිටි අවස්ථාවකදී එක් විනිසුරුවරයකු පමණක් පෙත්සම සලකා බැලීම නීතියට පටහැනි බවත් වගඋත්තරකරුවන්ට නොතිසි නොලැබී ඇති බවත්ය.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා මෙවැනිම පෙත්සමක් මහාධිකරණයේ ගොනුකොට ඇති බවත් ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයයේත් තවත් පෙත්සම් ගොනු කොට ඇති බවත් ඒ අනුව ඔහු නීතිය අවභාවිත කරන බවත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් අනුව එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කළ යුතු බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියේය.
ඊට අමතරව පෙත්සම්කරු අධිකරණයට පැමිණ ඇත්තේ කරුණු යටපත් කරමින් බවත් අධිකරණය අවභාවිත කිරීම යන කරුණ පමණක් සලකා වුවද පෙත්සම නිෂ්ප්‍රභ කළ යුතු බවත් ඊට අමතරව පෙත්සම්කරු අධිකරණයට පැමිණ ඇත්තේ සද්භාවය නොමැතිව බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයා කියා සිටියේය
එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වර්ෂ විතාන මහත්මිය කියා සිටියේ තමන් සම්බන්ධයෙන් මෙවැනිම පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකොට ඇති බවත් තමන් මුල්ම පෙත්සමේ වගඋත්තරකරුවන් බවත් මේ පෙත්සම තමන් මගහැර තිබීම වීමතියට කරුණක් බවත් ඒ අනුව රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයාගේ කරුණු දැක්වීමට තමන් එකඟ වන බවත් නීතිඥවරිය කරුණු දක්වමින් කියා සිටියාය.
පෙත්සම්කාර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිප තිනීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා කියා සිටියේ තමන් කිසි විටෙක අධිකරණය අවභාවිත නොකර ඇති බවත් අධිකරණය විසින්ම රජයේ නීතිඥවරයාගේ අනුදැනුම මතම මෙම නඩුව අද දිනට කල් තැබූ බවත් ඒ අනුව එය පිළිගත නොහැකි බවත් ඊට අමතරව කිසිවිටෙකත් තම සේවාදායකයා අධිකරණය මගහැර පැනයාමක් සිදු නොකර ඇති බවත් ඔහුට එරෙහිව කිසිදු වරෙන්තුවක් හෝ වෙනත් නියෝගයක් නොතිබුණු බවත් ඒ අනුව එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්ය
තවද මෙම පෙත්සම ඇප ඉල්ලීමක් නොවන බවත් මෙම පෙත්සම මහාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම් සමඟ කිසිදු ආකාරයකින් සම්බන්ධ නොමැති බවත් අදාළ සහනය ප්‍රධානය කරන ලෙසත් ජනාධිපතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය
ඒ අනුව මූලික විරෝධතා සම්බන්ධ නියෝගය හෙට(20) ප්‍රකාශයට පත් කිරීමට කල්තැබීණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
KP ගේ වත්කම් ගැන හොයන එකත් නතර වුණු රටනේ මේ. අපිට හිතා ගත්ත හැකි ඉතින්...!
ඔය තියෙන්නේ... ඔවුන් අනෙකුත් ආගම් විවේචනය කරන තරමට බුද්ධ දර්ශනයට ගරහන තරමට බැංකු පොත් සල්ලි වලින් පිරෙනවා...!
කෝ කෝ මේ සල්ලි පස්සේ ආදායම් බදු දෙපාර්තමේන්තුව දුවන්නේ නැද්ද? මේ සල්ලි හෙව්වේ කොහොමද කියලා හොයන්නේ නැද්ද? කෝ ජෙප්පෝ මේ සල්ලි ගැන හොයන්න කියන්නේ නැද්ද? දැන් තේරෙනවා නේද ජෙප්පොත් මහ දෙපිටකාට්ටු හැත්තක් කියලා.
මේ පරීක්ශණ යට ගැසීමට පොලිස් ඇමැති වග කියන්න ඕනෑ කියලයි මගේ අදහස... ඔහුගෙන් පිළිතුරක් ජනමාධ්‍ය හරහා ලැබෙයි කියා බලා හිඳිමු...
දෙවියන් වහන්සේ හොඳටම කලා,