
(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (29) අලුයම පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම දේවගැතිවරයා එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමට සහ ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සදහා ගුවන් ගමන් තහනමක් පනවා තිබූ අතර පසුව එම තහනම ඉවත් කර තිබුණි.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (29) අලුයම 01.32ට පැමිණ , එහි මුදල් ගෙවා පහසුකම් ලබන " රන් මාවත " ( Gold Route ) විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
මෙම දේවගැතිවරයා සමග තවත් දෙදෙනෙකු ද පැමිණ තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටට, මේ රටේ සංස්කෘතියට, ආගමට වින කරමින්, ගරහමින් මේ රටටම තමයි මෙයාලට එන්න ඕන. මොකද ලෝකේ කිසි රටක මේ ගොල්ලන්ට මෙහෙ වගේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ.
දේවගැතිවරයා LOL, දේවගැතිවරයා ගාව තියන සල්ලි දුප්පත් මිනිස්සු ට ඇයි දෙන්න බැරි දේවගැතිවරයා පොෂ් එකේ ඉන්නේ
ඕන බලු වැඩක් කරල සල්ලි ගෙවල රන්මාවතෙන් මෙයාට පැනල යන්න දුන්නේ කව්ද .රන් මාවතෙන් වලට යවන්න ඕන බුදුදහමට කරපු බලු කතා වලට.අරාබියේ වගේ එයා පොර්ට් එකේ වහලේ එල්ලා පහර දෙනවා මම නම් මූට .
දැන් ක්‍රිකට් ප්‍රශ්නේ ඉවරයි .නැවතත් අපි යමු ජෙරම් නාටකයට
මිථ්‍යා දෘෂ්ටිකයාගේ පැමිණීම...
දැන් ඉතින් තව හයියෙන් සද්දෙට බුරාපල්ලා...මේ රටේ උදේ හවස තරගෙට පන්සල් ගානේ කරක් ගහන මහලොකු සිංහල බෞද්ධ නායකයින් කෝ..? දැන් තේරෙනවා නේද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා... මොහුව අත්අඩංගුවට ගන්න උසාවි නියෝගයක් තිබුණා නම්, කොහොමද මේ පුද්ගලයා "රන් මාවතෙන්" මේ අමනයින්ගේ පින් බිමට වැඩම කළේ..?
මේ රටට එකම ආගමක්වත් ඕනෑ නැහැ. ඕවා ඔක්කෝම මිථ්‍යාවන්. ආගම් නැතිව මිනිස්සුන්ට ඉන්න බැරිද? ආගම්ද අපිට කන්න දෙන්නේ?
නතාෂලාට, සේපාලලාට බලපාන නීතිය ජෙරම්ට බලපාන්නේ නැතිද?
මම හිතුවේ බෙල්ලෙන් ඇදන් ගිහින් නඩු දායි කියලා...
අපෙ නිද්‍රොපගතව ඉන්නා යක්ක පුත්තු ටික නැගිටින්න ඔන වෙලාව තමා මෙ. කො අපෙ මෙ ඩැන් පුතා?
මුන්ව රටෙන් පිටමන් කරන්න ඕනා.. අන්තවාදීන්