IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘ජෙරම් ආගම්වලට අපහාස කරලා‘‘

(රන්ජන් කටුගම්පොළ)

මේ වන විට අධිකරණය මග හැර සිටීන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් සිදු කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා කියා සිටියේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැති තැන බරපතළ වරදක් සිදුකර ඇති බවත් මීට පෙර දේවගැතිවරයා විසින් මෙවැනිම ආකාරයේ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර යලිත් ඉල්ලා අස්කරගෙන මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.එමඟින් පෙනී යන්නේ දේවගැතිවරයා නීතිය අවභාවිතා කරමින් සිටින බවත්ය

 



අදහස් (6)

‘‘ජෙරම් ආගම්වලට අපහාස කරලා‘‘

කිරිපුතා Wednesday, 04 October 2023 06:02 PM

සම්බුද්ධ දර්ශනයට සහ අනෙකුත් ආගම්වලට අපහාස කර කෙඳිරි ගෑවාට ඒ පුද්ගලයාට ඩොලර් වලින් තෑගි ලැබෙන්නට ඇති.

:       12       37

රිෆාන්Thursday, 05 October 2023 09:06 AM

මමනම් හිතන්නේ අපහස කලා... අපහස කලා... කියා කෙදිරිගානවට වඩා වටින්නේ ඔවුන්ගේ ආගමෙන්ම ‌හා තමන් අදහන ආගමෙන්ම ඒම අපහසයන්ට පිලිතුරු දීමයි. නැතුව මේ අර්බුදය අවස් කරන්න බැහැ .

:       3       3

බද්රානි Wednesday, 04 October 2023 08:16 PM

අපිට තේරෙන සිංහලට අනුව නම් ඔය කියන ජෙරම් බුදුන් වහන්සේට, බුදු දහමට හෝ අන්‍ය ආගමකට කිසිදු අපහාසයක් කලේ නැහැ. ඔහුගේ දැනුම හා අවබෝධය මත බුදුන් වහන්සේ හා ජේසුස් වහන්සේ ගේ දර්ශනයන් සංසන්දනය කරමින් දේශනාවක් කළා... බුදුන් ගේ හා ජේසුස්ගේ දර්ශනයන් ගැන අවබෝධයෙන් සිටින අපි නම් මේ කොහෙවත් ඉන්න ජෙරම් වැන්නෙකුගේ විපරීත නාඩගම් හා ප්‍රකාශ මත කුලප්පු වෙන්නේ නැහැ....එලොවටත් නැතිව, මෙලොවටත් පලක් නැතිව ඉන්න පිරිසක් කුලප්පු වෙලා මේ මහපොළොව පෙරලන්න දඟලනවා.... ඔය බොරුවට නඩු කියන වෙලාවේ ගල්ගසා මරා දැමීමට, හෝ කුරුසියේ තබා ඇන ගැසුවා නම්, අපි ආගම දහම හොඳට අවබෝධ කරගෙන සිටින ජනතාවක් ලෙස. අර ශාස්තෘන් වහන්සේලාටත් ගෞරවයක් දෙන්න හැකි වෙනවානේ ...බලාගෙන ගියාම බොරුවට අපි විවිධ නම් තියන ආගම් ඇදහුවත්, දැන් අපි ඔක්කොමලා සැබෑ මුස්ලිම් බැතිමතුන්නේ..මොනා උනත් අර තවුහිත් ජමාද් නායක "අබ්දුල් රසීක්" බුදුන් වහන්සේට කොච්චර කරුණාව දැක්වූවාද..? අසලාමු අලික්කම්!! කාටද ආඩම්බර....?

:       8       5

දීප්ති kongahawatta Thursday, 05 October 2023 05:38 AM

අධිකරණය ගණන් නොගෙන සෝභිත සමාව දුන්නේ ජරාව අර ගෙන

:       4       2

Pradeep Kumara Thursday, 05 October 2023 01:01 PM

බෞද්ධ දර්ශණයේ මූලික හරය වටහා ගත් අයෙක් නම් ඇත්තටම ඔය එක එක අය කියන දේවලට කලබල වෙන්න උවමනා නෑ. බුදුන්වහන්සේගේ කාලයෙත් මිත්‍යාමත වාදීන් මෙන්ම බුදු දහමට අපහාස කල අය සිටියා. නමුත් බුදුන්වහන්සේ ඔවුන්ව උසාවියට ඉදිරිපත් කලේ නෑනේ. ඔයිට වැඩිය හානියක් බෞද්ධයැයි කියාගන්නා ඇතැම් චීවර ධාරීන් සිදු කරනවා. කෝ එහෙනම් ඒවට නීතිය??

:       1       2

Bamunuarachchi Thursday, 05 October 2023 07:08 PM

අපිට එක එකා ත්රුම් ගන්න විදි වැඩක් නැහැ නඩු තීන්දු ලැබෙන්නේ අධිකරණය තේරුම් ගන්න විදියටයි. තීන්දු උනොත් ජෙරොම්ට එයාගේ ආගමේ විදියටම කුරුසේ ඇනගහන්න. අපි අඩියක යකඩ ඇන සපයන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site